දඬුවම
උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස මෙතෙක් ආ ගමනේදී බොහෝ අබිරහස් ඝාතන සියැසින් දැක ඇති බව සැබවි. එහෙත් වනයේ රූස්ස ගස් අතර වන මේ නාඳුනන මළ සිරුර අලුත් තිගැස්මක් පංචම කරන්නාගොඩගේ හිතේ ඇති කළේය."මෙතන තියෙන පුදුම සහගත දේ තමා මේ මනුස්සයා නරින්ට ගොදුරු වෙනකොට මැරිල ඉඳල
උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස මෙතෙක් ආ ගමනේදී බොහෝ අබිරහස් ඝාතන සියැසින් දැක ඇති බව සැබවි. එහෙත් වනයේ රූස්ස ගස් අතර වන මේ නාඳුනන මළ සිරුර අලුත් තිගැස්මක් පංචම කරන්නාගොඩගේ හිතේ ඇති කළේය.
"මෙතන තියෙන පුදුම සහගත දේ තමා මේ මනුස්සයා නරින්ට ගොදුරු වෙනකොට මැරිල ඉඳල නෑ. මත්වෙලා හරි සිහිය නැතිකරල හරි ඉඳලත් නෑ. එතකොට සත්තු වටවෙලා පහර දෙනකොට ඇයි මේ මනුස්සයා පැනල දිව්වෙ නැත්තෙ? ඇයි කෑගහලා දැඟලුවෙ නැත්තෙ? මේක මහ පුදුමයක්." පංචම හිතුවේය.
මේ මියගොස් ඇත්තේ කවිද? ඔහුව මේ කෲර මරණයට ගොදුරු වන්නට මෙතනට ගෙනත් දැම්මේ කවිද? මේසා දරුණු දඬුවමක් දෙන්නට හේතුව කුමක්ද? විසඳා ගතයුතු ප්‍රශ්න රාශියක් පංචම ඉදිරිපිට තිබිණි.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.