තම ලියන මේසය මත වූ දිනපොත අතට ගත් රන්සිරි එහි මෙසේ සටහන් කළේය.
අම්මාගේ ආදරය පිළිබඳව මා විසින් එක්තරා දේශනයක දී සඳහන් කළ කරුණක් මේ මොහොතේ මා සිත්හි නැවත දෝංකාර දෙයි. අම්මාගේ ආදරයට දිය හැකි හොඳම නිදසුනක් වේ නම්, ඒ ගෝනුසු අම්මාගේ ආදරය යි. පැටව් ලැබීමට ආසන්නයේ සිටම ආරක්ෂාකාරීව ගුලකට ඇතුළු වන ගෝනුසු අම්මා පැටව් ලැබෙන තුරු ඉන් පිටතට නොඑයි. තමන් අසලට වැටෙන යම් දෙයකින් කුස පුරවා තම පැටවුන් පිළිබඳ අසීමිත ආදරයෙන් ගුල තුළට ම වී සිටී.
නමුත් පැටවුන් බිහි වූ පසු උන් අම්මාගේ ඇඟේ එල්ලී ඇගේ ශරීරය ආහාර කොට පෝෂණය වෙයි. කුඩා පැටවුන්ට වූ දාරක ස්නේහයෙන්ම ඇය මිය යයි. සොබාදම් මාතාවට ද අද උරුම වී ඇත්තේ ගෝනුසු අම්මාගේ ඉරණමයි.
මොහොතක් නැවතුණ රන්සිරි එක පෑන් ඉරකින් එය කපා දමා ඊට පහළින් මෙසේ ලිව්වේ ය.
ගෝලීය ධනවාදයේ ව්‍යාප්තිය හමුවේ පුද්ගල ආත්මයන් සහ ආත්මගත සංවේදනාවන් ගිල දමා තිබේ. දියුණු යැයි සම්මත සූත්‍රයන් හමුවේ සොබාදහම පවා කම්පා වෙමින් සිටී. මා එහි එක් අන්තයක් පරිභෝජනය කරන අතර අනෙක් අන්තයෙහි සුරක්ෂාවන් අපේක්ෂා කරයි. හින්ති, මට පිළිකුල් වූ නූතනයේ දියුණුව සහ නාගරීකරණය දැඩිව අපේක්ෂා කරයි. නගරය තුළ ජීවිතය දිය කරලූ වූටි හැඟීමකින් තොරව නාගරීකරණය වෙනුවෙන් ශ්‍රමය වගුරුවයි. ග්‍රාමීය සුන්දරත්වයට ආශා කිරීමේ හේතුවෙන් නාගරික වෛද්‍යවරුන් විසින් මා මානසික රෝගියකු බවට පත් කර තිබේ. මට එසේ වූ ව්‍යාධියක් නොමැත. තාක්ෂණයේ දියුණුව විසින් ඉදිරියේ දී දංගල පමණක් නොව තවත් ස්වාභාවික වස්තූන් වාණිජමය වස්තූන් බවට පත් කරනු ඇත. කොන්ක්‍රීට් මත මල් පිපෙන තුරු මම බලා හිඳිමි......
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.