Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දෑතින් බැඳී

දෑතින් බැඳී

ප්‍රකාශක (Publisher): Storyflix
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

විවාහ යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් මනිලාල් කෙරෙහි ඔහුගේ සිතේ කෝපයක් තිබුණේ නැත. මිනිසුන් තීන්දු තීරණ ගන්නේ තමන් ජීවිතය දෙස බලන කවුළුවෙන් ජීවිතය පෙනෙන හැටියට ය. මනිලාල්ට අවශ්‍ය වුණේ ඔහුගේ ප්‍රියතම ශිෂ්‍යාවගේ ජීවිතයට හෙවණකි. ඒ හෙවණ ඔහුට විශ්වාසනීය විය යුතුය. සස්මිතාට දැරිය හැකි විය යුතුය. ඒ අවශ්‍යතා සියල්ලටම ජීවිතයෙන් කැට තබා වගකීම් පැවරිය හැකි අයෙකුට ඔහුට සිටියේ ධනුජ පමණි. එහෙයින් ඔහු ඒ වෙනුවෙන් ධනුජව තෝරා ගත්තේ ය. ඒ අනුව බලන කල ඔහු සිදු කළේ වරදක් නොවේ.

ධනුජ සිටියේ විවාහය පිළිබඳව අංශු මාත්‍ර හෝ හැඟීමක් ඇතිව නොවේ. විවාහය පිළිබඳව අදහසක් තිබුණ ද, ඔහු කවරදාක හෝ ඒ අදහස සස්මිතා සමග ගළපා බලා නැත. එහෙයින් ඒ යෝජනාව ඔහුට අනපේක්ෂිත එකකි. එහෙත් ඔහු රාත්‍රියක් නිදි වැරීමෙන් පසුව යෝජනාවට කැමත්ත පල කළේ ය. ඊට හේතු දෙකක් තිබිණි. පළමුවැන්න නම් ලොකු අප්පච්චි වෙනුවෙන් කළ නොහැකි දෙයක් ඔහුට නැත. දෙවැන්න ඔහුට තිබුණේ හිස් වූ හිතකි. ඒ හිස්තැන මරණය දක්වාම එලෙසින්ම රැක ගැනීමේ වුවමනාවක් ඔහුට තිබිණි. එහෙයින් බාහිර පාර්ශව වලට ළඟා විය නොහැකි ආකාරයට ජීවිතය වටා බලකොටුවක් තනා ගැනීමට ඔහුට අවශ්‍ය විය. සස්මිතා යනු ඊට සාධාරණ නිදහසට කරුණකි.

ISBN
9786246679118
පිටු ගණන (Pages)
360
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දෑතින් බැඳී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.