Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / Dear August

Dear August

About this book

හයිරි ඇයට ඉඩ දුන්නාය. ඒ කරදරකාරී ලස්සන ඇඳුම හයිරිට දැරිය නොහැකි තරම් බරය. එහි වූ මුතු ඇටත්, අනෙකුත් දියමන්ති වැනි ගල් වලින් සෑදූ රටාවනුත් නිසා එය බරැතිව දැනෙයි. ගවොම මිල අධික එකක් බව සැකයක් නැත්තේ ඒ නිසාය. හයිරිගේ මුහුණට ඉදිරියෙන් වැටුන වේලය නිසා ඇගේ දර්ශන පථය අපැහැදිලි විය. ලේස් රෙද්දෙන් කල රටා ද ඒ රටා වල ඇල්ලූ දියමන්ති ද නිසා හයිරිගේ අතකින් අල්ලාගෙන කැඳවාගෙන යන්නට ඒ සේවිකාවට සිදුවිය. ඈ කිහිපවරක්ම පය පැකිලී ඇද වැටෙන්නට ගිය නමුත් ඇය පෙර මෙන් ඍජු උඩුකයින් යුතුව ඇවිද්දාය. පඩිපෙළ දෙපස අත් වැට සම්පූර්ණයෙන්ම සුදු පැහැ රෝස මල් වලින් සරසා තිබිණි. පඩිපෙළ පාමුල සිටි සුජීව ප්‍රනාන්දු හයිරිව පිළිගත්තේ වෙනදා මෙන් සන්සුන් සිනහවක් දෙතොල් අතර ඇඳගෙනය. දුනායා හයිරිව වැළඳගත්තේ නැහැය උඩට අදිමිනි.

"ඔයා සුරංගනාවියක් වගේ'

ඈ ඒ වාක්‍යය කිහිපවරක්ම කියන්නට අමතක නොකළේ ඔවුන් පඩිපෙළ නැග ඉහළට යන අතරේය. බිම දිගේ ඇදී එන තරම් දිගු වූ වේලය සේවිකාව විසින් ඔසවාගෙන ආවාය. පඩිපෙළ වඩා දිගු බව දැනුණේය. සංගීතය නැති, කටහඬක් හෝ නැති හුදෙක් මිලාධික ආභරණ හා සපත්තු වලින් නැගෙන හඬත් කඩා හැලෙන්නට යන මෝසම් වර්ෂාවේ පෙර ලකුණු වල හඬවලුත් පමණක් ඇති හෝරාවක් ඇරඹී තිබිණි. නමුත් හයිරි මේ කිසිවක් ඕනෑවට වඩා අමුතු ලෙස නොදුටුවේ ඈ එන්න එන්නටම උද්‍යේගයෙන් පිරී යමින් සිටි නිසාය.

ISBN
9786246596583
පිටු ගණන (Pages)
359
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: Dear August

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.