My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
ආදරය, සෙනෙහස, අවංක බව, පරාර්ථකාමී බව මෙන්ම, ඒවායේ ප්‍රතිෂේධනාත්මක වචනවලින් හැඳින්වෙන මානවවේදිතයන් ඕනෑම යුගයක, ඕනෑම සමාජයක අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන ප්‍රපංචයෝ වෙති. එහෙත් ඇතැම් සමාජවල ජනිත වූ ඒ ඒ සංස්කෘතීන්වලින් ඉක්මවනු ලැබූ ඒවායේ ක්‍රියාකාරීත්වයන් බොහෝ දුරට සමාජයට හිතකර ආකාරයට බද්ධ වී තිබේ.
මෙම කතාවට පාදක වූ දඹදෙණි රාජ්‍ය යුගයේ පැවැති සමාජ පද්ධතිය බෞද්ධ සංස්කෘතිය විසින මෙහෙයවන ලද්දා වූ එකක් වූ බැවින් එකල ජීවත් වූ මානවක මානවිකාවන් තුළ යට කී වේදිතයන් බලපෑවේ ද ඒ පුරුෂාර්ථ පාදක කොටගෙනය. එහෙත් ඔවුන්ට හැම විටකම යම් යම් අනවශ්‍ය බැඳීම්වලින් සිර වී සිටීමට නම් හැකි වූයේ නැත. ඔවුන් තුළ වූ ඒ අසමසම සෙනෙහස හා ආදරය විසින් ඒ වැට කඩුලු පුපුරවා හරිනු ලැබීය. මේ කතාවෙන් එළිදැක්වෙන්නේ ඒ අසීරු ගමනක ඔවුන් යෙදුනු ආකාරයයි.
Author | ඒ.එම්. කරුණාරත්න - A. M. Karunarathne (7) |
---|---|
Publisher | දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (629) |
ISBN | 9789556863895 |
---|---|
පිටු ගණන | 287 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |