Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දෙනුවර නැවතුම - 2

දෙනුවර නැවතුම - 2

About this book

ටිකිරි සුභාෂිණි විෆ්ලර් අනුරාධපුර නගරයේ ඉපිද හැදී වැඞී අනුරාධපුර බෞද්ධ පරිසරයේ නිවත්තකචේතිය මහා විද්‍යාලයෙන් මුලික හා ද්විතීය අධ්‍යාපනය ලැබුවාය. කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිපීඨයේ නීතිවේදී උපාධිධාරිණියක් වන ඇය, ශ්‍රී ලංකාවේ දෙපාර්තමේන්තු කිහිපයක හා වෙනත් රාජ්‍ය ආයතන වලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු හා ජාතික ඒකාබද්ධතා ආමාත්‍යංශය හා නිපුණතක්‍ෂ සංවර්ධන ආමාත්‍යශයේත්, අවසන් වරට කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේත් 2007 වර්ෂය දක්වා සේවය කර ඇත. ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඒ වන විටත් සේවක අයිතීන් හා වෘත්තීය සංගම් හා කාන්තා අයිතීන් වෙනුවෙන් ක්‍රියාකාරීව සිටි ඇය 2007 වර්ෂයේ දී ජර්මනියට සංක්‍රමණය විය. එහි දී සමාජ ආරක්ෂණ නීති, සරණාගත හා සංක්‍රමණික නීතිය හා අපරාධ විද්‍යාව ගැන උසස් අධ්‍යාපනය ලබා දැනට ජර්මනියේ සංක්‍රමණිකයන් අන්තර්ග්‍රහණය කිරිමේ කළමණාකාරවරියක් ලෙසත් CDU පක්‍ෂයෙන් ජර්මනියේ ප්‍රාදේශීය දේශපාලනයේ සක්‍රිය ක්‍රියාකාරිණියක් ලෙසත් සේවය කරයි. ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා අයිතීන් වෙනුවෙන් හා දේශපාලනය ගැන නොකඩවාම අවධානයෙන් සිටින ඇය සමාජ ක්‍රියාකාරිණියකි. ලාංකීය හා ලෝක දේශපාලනය සම්බන්ධ ව විචාරාත්මක විග්‍රහයන්හි යෙදෙමින් පුවත් පත් කිහිපයකම ආරාධිත මාධ්‍යවේදිනියකි.

ජගත් දේශපාලනයේ කාන්තා අයිතීන් වෙනුවෙන් ප්‍රබල ක්‍රියාකාරිණියක් ලෙස කටයුතු කරන ඇය ශ්‍රී ලාංකේය දේශපාලනයේ දෙස් විදෙස් සංවිධාන කිහිපයකම තනතුරු දරමින් කටයුතු කරනු ලබයි. ඇය විසින් රචිත තුන් ඈඳුතු නවකතා පෙළක දෙවැනි නවකතාව මෙයයි. 

Details
ISBN
9786246441029
පිටු ගණන (Pages)
372
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: දෙනුවර නැවතුම - 2

Reviews are published once a member of our team has read them.