Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දෙනුවර නැවතුම - 3

දෙනුවර නැවතුම - 3

About this book

අප සැම හැර ගියේ මව්බිම ය. හැරයන්නේ මව්බිම ය. හැරයාමට හේතුව නම් මව්බිමට තමන් නොගැළපීම ය. ඒ නොගැළපීම, ගැළපීමක් කර ගැනීමට අපගේ මාතෘභූමියේ බොහෝ දේ වෙනස් විය යුතුය. මේ කථා පෙළ තුළම මා කීමට උත්සාහ කරන්නේ ශ්‍රී ලාංකීය වාර්ගික ගැටුමේ ඛේදවාචකය ඔඩු දුවා ඇති තරම ය. එය මිනිස් ජීවිත අරක් අරගෙන ඇති තරම ය. අවසානයේ දේවිකා තම නියමිත ස්ථානයට එළඹෙමින් සිටී. නියමිත පිළිගැනීමට එළැඹෙමින් සිටී. එය කාලයක් තිස්සේ කරන ලද සටන්වල, පිළිගන්නා ලද වෙනස්කම්වල ප්‍රතිඵලයකි. ඒ ක්‍රමයටම අපට වාර්ගික අර්බුදයේ අවසානයක් දැකිය හැකිය. සංකේතාත්මකව මා ගොඩනැගීමට උත්සාහ කළේ, ඒ ම්ලේච්ඡ, ප්‍රචණ්ඩ, අනවශ්‍ය වාර්ගික ගැටුම් නොමැති සාමාන්‍ය ලෝකයකි. තුවාල ඉවසා දරාගෙන වඩාත් ප්‍රගතිගාමී ගමනක් යා යුතු බවට අදහසකි. මා දකින මව්බිම වාර්ගික, ගෝත්‍රික, කුල මල භේදවලින් තොර දියුණු දේශයකි. ඒ වෙනුවෙන් මාගේ අත්දැකීම් ලියා තැබුවෙමි. දෙනුවර නැවතුම මාගේ ආත්මය ලියා තැබීමකි. එය මා උපන් ආදරණීය මව්බිම, එහි පුරවැසියන් හා අනාගත දරු පරපුර වෙනුවෙනි.

Details
ISBN
9786246441036
පිටු ගණන (Pages)
378
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: දෙනුවර නැවතුම - 3

Reviews are published once a member of our team has read them.