දෙනුවර නැවතුම - 3
අප සැම හැර ගියේ මව්බිම ය. හැරයන්නේ මව්බිම ය. හැරයාමට හේතුව නම් මව්බිමට තමන් නොගැළපීම ය. ඒ නොගැළපීම, ගැළපීමක් කර ගැනීමට අපගේ මාතෘභූමියේ බොහෝ දේ වෙනස් විය යුතුය. මේ කථා පෙළ තුළම මා කීමට උත්සාහ කරන්නේ ශ්‍රී ලාංකීය වාර්ගික ගැටුමේ ඛේදවාචකය ඔඩු දුවා ඇති තරම ය. එය මිනිස් ජීවිත අරක් අරගෙන ඇති තරම ය. අවසානයේ දේවිකා තම නියමිත ස්ථානයට එළඹෙමින් සිටී. නියමිත පිළිගැනීමට එළැඹෙමින් සිටී. එය කාලයක් තිස්සේ කරන ලද සටන්වල, පිළිගන්නා ලද වෙනස්කම්වල ප්‍රතිඵලයකි. ඒ ක්‍රමයටම අපට වාර්ගික අර්බුදයේ අවසානයක් දැකිය හැකිය. සංකේතාත්මකව මා ගොඩනැගීමට උත්සාහ කළේ, ඒ ම්ලේච්ඡ, ප්‍රචණ්ඩ, අනවශ්‍ය වාර්ගික ගැටුම් නොමැති සාමාන්‍ය ලෝකයකි. තුවාල ඉවසා දරාගෙන වඩාත් ප්‍රගතිගාමී ගමනක් යා යුතු බවට අදහසකි. මා දකින මව්බිම වාර්ගික, ගෝත්‍රික, කුල මල භේදවලින් තොර දියුණු දේශයකි. ඒ වෙනුවෙන් මාගේ අත්දැකීම් ලියා තැබුවෙමි. දෙනුවර නැවතුම මාගේ ආත්මය ලියා තැබීමකි. එය මා උපන් ආදරණීය මව්බිම, එහි පුරවැසියන් හා අනාගත දරු පරපුර වෙනුවෙනි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.