Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දෙවර
About this book

චීවරයක වැළලූ අමිහිරි අතීතයක් හිමි මෙත්තානන්ද හිමියෝ, තම අනන්‍යතාවය සඟවා දැමූ සේම සද්දරා නම් ගැහැනියගේ දරුවාට පීතෘත්වය ලබා දෙන්න සූදානම් වෙති.

වසර ගණනාවකට පෙරාතුව ඇස ගැටුණු ජීවිතාන්දරයක් මතකයට නංවමින් අතීතය යළි යළිත් වර්තමානයේ දිග හැරෙනායුරු උපේක්ෂාවෙන් බලා හිඳින උන්වහන්සේ, කලකට පෙර කණුගැහැව වාසලමුදලි වලව්වේ නිවුන් සොහොයුරන් දෙපළ උමයංගනා මැණිකේගේ දරු ගැබ හේතුවෙන් සතුරන් වූ අයුරු සිහි කරති. වාසලමුදලි දෙසොහොයුරෝ අනුන්ගේ දරුවෙක් හේතුවෙන් ලේ උරුමයත්, නීතියේ උරුමයත් වෙනුවෙන් දෙපසකට වී සටන් වදින විට දරුවාගේ අයිතිය වෙනකෙකු නමින් ලියවන්නට උමයංගනා මැණිකේ රහසේම උත්සාහ දරන්නී ය.

ගම්මුන්ගේ රැවුම් ගෙරවුම් මැද මෙත්තානන්ද හිමියන්ට දුකට පත් වූ ඇත්තියකට පිහිටක් වෙන්නට සිදුවෙයි. එනමුත් ඔහුගේ වීතරාගී තැත අසමත් කරවන්නට අතීතයේ කළ කර්ම හරස් වෙයි.

ප්‍රේම කරන්නට නොහැකි වුවද ප්‍රේම කරන්නට තමන්ට ද අයිතියක් කැමැත්තක් තිබෙන බව සිතූ වාසලමුදලි සොහොයුරා ලොවෙන් සගවන්නට උත්සාහ කළ රහස කිම?

ISBN
9786246585099
පිටු ගණන (Pages)
146
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දෙවර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.