කලි දේවී

Special Price රු. 456.00 Regular Price රු. 570.00
In stock
SKU
kali-devi-kavindya-hemachandra-akura-book-publishers

අනාදිමත් කාලයක පටන් ලාංකේය සමාජයේ මුල් බැසගත් මිථ්‍යා මතයන් හේතුවෙන් ඕනෑ තරම් ජිවිත කතා කණපිට පෙරළුණු අවස්ථා දැක ගත හැකි ය. මිථ්‍යා විශ්වාසයන් පසුපස හඹා ගොස් ඒ වෙනුවෙන් කෙම් පහන් කරමින් ජීවිතයම ඒ වෙනුවෙන් දිය කරන්නෝ වෙත්. රංහාමිගේත් මුදියන්සේගේත් ජීවිතාන්දර වලට කණකොකා හඬන්නේ ද එවන් මිථ්‍යාවක් මුල් කොට ගනිමින් ය. එකී නැකත් විශ්වාසයන් තම ආත්මාර්ථය වෙනුවෙන් බිල්ලට තැබූ මුදියන්සේ පර ස්ත්‍රීන් හා බැඳෙන්නට මුල් කොට ගන්නේ තම දුවණිය මල්වර වූ අසුබ වේලාව යි. මව අහිමි වූ ළසඳා අවසන සිරගත වන්නේ තම පියා මැරීමේ චෝදනාවට ය. පියා ගේ මරණය වෙනුවෙන් මරණය නියම වූ ළසඳා නැවත නිදහස්වේ ද? ළසඳාගේ ජීවිතයේ ඉරණම කෙසේ විසඳෙයි ද? තම පීතෲත්වය කාගේ අතින් ලියවුණේ දැයි නොදන්නා ඕ ජීවිතයට අවසන මුහුණ දෙන්නෙ කෙසේ ද? කලි දේවී.... ඒ ඇගේ කතාව යි.

Author කාවින්ද්‍යා හේමචන්ද්‍ර - Kavindya Hemachandra (2)
Publisher අකුර ප්‍රකාශන - Akura Book Publishers (220)
More Information
ISBN 9789556759648
පිටු ගණන 176
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කලි දේවී
Back to Top