දේවස්මිතා
“මම කදිර දේව! ශිව දෙවියන්ගේ වැඩිමහල් පුතණුවන්..."
වල්ලි හුස්ම ගන්නත් අමතක වෙලා ඔහු දෙස බලා සිටියා. ඔහු පවසන කිසිවක් ඇයට තේරුණේ නෑ. කඳ කුමරු ඇගේ සියුමැලි අතින් අල්ලා ගත්තා. ඈ තවමත් වෙව්ලනවා. දිය නාමින් සිටි නිසා ඇගේ ඇඳුම වතුරෙන් තෙත් වෙලා. කඳ කුමරු ඈ තමා ළඟට ගන්නටත් පෙරම, ඇය ඔහුට තුරුලු වුණා. දියෙන් තෙත් වූ ඇගේ ගැහෙන සිරුර කුමරුගේ දෑත්වලට හිර වුණා. ඔහු තව තවත් තදින් ඇය වැලඳ ගත්තා. වල්ලි මීට පෙර කවදාවත් නොවිඳගත් ඒ අපූරු හැඟීම විඳගනිමින් කඳ කුමරුගේ පපුවට තුරුලු වෙලා හිටියා.
දෙදෙනාම මෙසේ සිටින අතර තුළ හදිසියේම යමක් සිහිවීමෙන් කඳ කුමරු වෙවුලා ගියා. ගනේෂ් ඔහු වෙත දුන් පැන් කෙණ්ඩිය ඉනේ ඇත්දැයි ඔහු අතගා බැලුවා. එය එහි නොමැති බැව් දැන ගත් ඔහු කලබල වී එක්වරම වල්ලිව අතහැර ඇගෙන් මෑත් වුණා.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.