දේවතා ඇස්
පැතූ ප්‍රේමය හිමිවීම වාසනාවක් නම්, එය ප්‍රවේශම් කර ගැනීම ඊටත් වඩා නිර්භීතකමකි. එනම් ප්‍රේමය යනු අයිති කර ගැනීම නොවේ, අත්නොහැර පැවතීමයි. විශ්වාසය පාවා දුන් මිනිසුන් අතරේ කඳුළුවලින් මග සළකුණු කෙරුණු ගමනක අවසානයේදීත් ප්‍රේමය යැයි කියන්නේ හුදෙක් එක් වචනයක් නොව, නිහඬ කැප කිරීමයි කියා ඉගැන්වූ පිරිමියෙකු මේ කතාවේ කතා නායිකාවට හිමිය. සියල්ලම අහිමි වී ගිය පසුවත්, කිසිත් නොපෙනෙන ඝණ අඳුරක් මැද පවා ඔබ වෙනුවෙන් ඔබව අත් නොහැර රැඳී සිටිනා එකම එක හදවතක් ඔබට හිමි නම් ඔබ ඊට දෙන්නේ කුමන නමක්ද? ‘දේවතා ඇස්’ ඒ මා දුන් නමයි. මනුෂ්‍යත්වය දේවත්වයෙන් වෙන් කරන්නට නොදන්නා මුත්, තවත් අයෙකුගේ ජීවිතයට අත්වැලක් වන්නට දේවත්වයක් අවශ්‍ය නොවේ. ඇතැම් විට ඊට නොසෙල්වෙන ප්‍රේමයක් ප්‍රමාණවත්ය. ඉදින් ප්‍රේමය මනුෂ්‍යත්වය සමගම පැමිණෙන්නකි. එය ලබන්නට මනුෂ්‍යයෝ සුදුස්සෝය. එය ලබා දෙන්නටත් මනුෂ්‍යයෝ කැපව සිටින්නෝය.
ඔබේ හදවතට ප්‍රේමය ගැන තවත් එක් වතාවක් විශ්වාස කරන්නට වුවමනා නම්... මේ ‘දේවතා ඇස්’ වලට ඒ බලය අයිතිය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.