ධවල වලව්ව
''කෑවද දූ''
''ඔව් අම්මා දැන් මේ කාලා ඉවරවෙලා තමයි එළියට ඇවිත් අම්මාට කෝල් එකක් ගත්තේ. අම්මෝ අම්මා මේ සියඔලා ගහ ගොඩක් පරණයිද මෙච්චර ලොකු''
''දෙයියනේ උඔ මොකද එතන කරන්නේ''
''මොකද අම්මා මේ''
''ඔතනින් යමං එහාට ඇයි මං කියන දෙයක් අහන්න බැරි උඔට.ඔය තරම් හිතුවක්කාර වෙලා මාව මරාගන්නද ඕන.''
''අනේ මන්දා අම්මා ඔයාට නම් පිස්සු. හරි මම යන්නම් මම තියනවා.''
වාසුකී කේන්තියෙන් එහෙම කියලා කෝල් එක කට් කෙරුවා.
''අම්මා නම් කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නැහැ.''
ඇය තනියවම මුමුණමින් එහාට යන්න යද්දී එක පාරටම මහා මුළඟක් හැමුවේ ගස්වැල් පවා අඹරවමින්. එක පාරටම වාසුකීගේ බෙල්ලට ලණු පොටක් වැටුනේ සියඹලා ගසේ ඉඳන්.
''අම්මා''
වාසුකී කොච්චර බය වුණාද කිව්වොත් ඇය නැගිටිද්දී ඇයගේ බෙල්ලට තෝණ්ඩුව හිර වුණා. ඇයගේ හුස්ම හිර වෙද්දී ඇයට කෑගහගන්නවත් බැරි වුණා..
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.