හැමදාම මගේ ළඟින් ඉඳපන් මැණිකේ.. හැමෝම කොන් කරලා ඈත් කරලා තිබුණු මාව ළඟට ගත්තෙ උඹ.. පිස්සුවෙන් හිටියත් මට ඒ දේවල් අමතක නැහැ... උඹ කොයි මොහොතකවත් මාව පිළිකුල් කළේ නැහැ... අන්න ඒ ආදරේ මට මැරෙනකම් දීපන්..” "මං ඔයාට සදහටම ආදරෙයි ජාන්. ඒ ආදරේ මම වෙන කාට දෙන්නද?. දැන් ඕක අමතක කරන්නකෝ. අපි CCTV චෙක් කරමු දැන්
"ඒ මොකටද..
ඔහු ඇහුවේ උදාසීන විදිහට.ඔහුට කිසිම උවමනාවක් නෑ පරණ අතීතය අවුස්සන්න.
"මං ඔයාට කිව්වනේ ජාන්,, මං ඔයාගේ ළඟින් ඉන්නවා. ඒක පොරොන්දු වෙනවා. ඒත් මම දෙවිලි ගැන හොයන එක නවත්තන්නේ නෑ,,අන්න ඒක හින්දා එන්න චෙක් කරන්න .." හිම්මි”
කරන්න දෙයක් නැති හින්දා ඔහු වාඩිවුනේ ඇය ලඟින්, “මේ බලන්නකෝ අපි දැක්ක ටික ඔයාටත් පෙන්නන්නම් මුලින්ම.. කෙල්ල එදා චෙක් කරපු සීසී ටීවී දර්ශන ටික ඔහුට පෙන්නුවා.. භානුක ඒ පෙන්නපු වීඩියෝ දිහා බලාගෙන හිටියේ කල්පනාවෙන් ඔහුට දෙව්ලි දකිද්දි නම් පපුවට රිදුමක් ඇතිවුණා..
මේ බලන්න ජාන් මෙතනින් එහාට වීඩියෝ පැය තුනකට නැහැ ඔක්කොම ඩිලීට් කරලා,,
“ඕ ගෝඩ්... මොකක්ද මේ වෙලා තියෙන්නේ. තූර් අනිත් ඔක්කොම කැමරා චෙක් කරන්න ඒ ටයිම් එකටම..
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.