Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දිවි රළ පෙළ

දිවි රළ පෙළ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

'දිවි රළ පෙළ' පාඨකයාට සමීප වන්නේ එහි එන චරිත මුහුණ දෙන ගැටුම් ගණනාවක් හේතුවෙනි.

මෙහි ප්‍රධාන චරිත වන සුභාෂිණී, ලක්ෂ්මන් වීර වික්‍රම හා ඔහුගේ පුත් සුධීර, සහ රූපිකා අද්‍යතන සමාජ සංස්කෘතික හා ආර්ථික මතු නොව දේශපාලනික අර්බුද හේතුවෙන් ද සිය දිවි මග නේක හැලහැප්පීම් හා සලා වැටුම් රැසක් අත්විඳින මනුෂ්‍යයෝ වෙති... වීරවික්‍රම පවුලේ සාමාජිකයන් අතර ඇති මානුෂීය සම්බන්ධතාවය කම්පනයට ලක්කිරීමට හා ගැටලු රාශියක් උත්පාදනය කිරීමට උක්ත කරුණු සෘජුවම බලපාන අයුරු කතුවරිය ඉතා රසවත් ලෙස ඉදිරිපත් කර ඇත.

රුක්මණී සමරනායක කතුවරිය සිංහල, ඉංග්‍රීසි යන දෙබසින්ම කලක සිට නිර්මාණ කරණයේ නිරත වන්නීය. ඇයගේ නිර්මාණ රාජ්‍ය සාහිත්‍ය සම්මානයන්ට මෙන්ම වෙනත් සම්මානයන්ට ද පාත්‍ර වී ඇත... ඇයගේ ප්‍රථම සිංහල නවකතාව වන 'දිවි රළ පෙළ' යථාර්ථවාදී රීතියෙන් ලියැවුණකි. ඉහළ සමාජ පන්තිය මතු නොව, පීඩිත පන්තිය ද, ඒ අයගේ පවුල් පසුබිම්ද එකට එක ගැටෙන අන්දම එහි ජීව රුධිරය බවට පත් කැරගෙන ඇත. මින් කියැවෙන සිද්ධි මාලාව මගින් එය පාඨකයාට ජීවිතාවබෝධයද, කම්පනයද, රසවින්දනයද අත්විඳීමට සලස්වයි.

ආර්. එම්. තිලකරත්න,

සම්මානලාභී ගත් කතුවර.

ISBN
9789553128171
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දිවි රළ පෙළ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.