Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

DNA

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

එදා සිදු වූ ඒ සිද්ධියත් සමඟ අකමැත්තෙන් හෝ ඊටා නෝනාගේ බසට අවනත වනු හැරෙන්නට නිව්ටන්ට වෙනත් විකල්පයක් සොයාගත නොහැකි විය. විකල්පයක් තිබෙනවා නම් තිබෙන්නේ ආපහු ලංකාවට යෑමය. නමුත් එය කබලෙන් ලිපට වැටීමක් බවද හේ දනියි. එබැවින් යාන්තම් අතගසාගත් මේ දූපතේත්ම තව කාලයක් සිටීම අතමිට සරුවීමට එකම මඟ බවද ඔහු දනියි. සරණාගතයෙක් ලෙස මෙරට හිරේ විලංගුවේ වැටෙනවාටත් වඩා වරදකරුවෙක් ලෙස ලංකාවට යාමට කිසිසේත්ම කැමැත්තක් නොතිබූ නිව්ටන්ට දූපතෙන්ම කසාදයක් කරගන්නවා හැරෙන්නට වෙනත් විසඳුමක්ද නොපෙනිණ. සෝමේට අවශ්‍ය වූයේද එයමයි. ඊට අවශ්‍ය සියලු කරුණු කාරණා සම්පාදනය කිරීමෙහි මූලිකයා ලෙස ඔහු විශාල බරක් කරට ගත්තේද එනිසාය. අවසානයේ නිව්ටන්ගේ දිවියේ තීරණාත්මක දිනය එසේ උදාවිය.

“දැන් කිසිදේකට බයවෙන්න ඕනෙ නැහැ. නිව්ටන් අයියා ළඟත් දැන් කසාද සහතිකේ තියෙනවා. දැන් ඉතින් කුරුල්ලා වගේ ඕනෙ තැනක නිදහසේ පියාඹන්න පුළුවන්.”

“ඒත් මගෙ හිතට හරි නැහැ සෝමෙ.”

Details
ISBN
9786246743550
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
You may also like
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: DNA

Reviews are published once a member of our team has read them.