ද්‍රෝහියාගේ හදවත
About this book
"ඔයාගෙ හදවත, මගෙ සිහී!”
- රාදුක් අන්ද්‍රේ කෝව් -
"ඒක හරිම ද්‍රෝහී ගෑනියෙක්ගෙ හදවතක් රාදු”
- සිහින්‍යා අධීෂ්වරී -
"ඔයා නම දුන්නු කෙල්ලගෙ ජීවිතේ මට ගන්න උනොත්, මම ඒක ගන්නවා. ඒත් මම දන්නෑ ඔයා හංගන රහස. ඔයා ඒක හරිම තැන වළලලා. මට රාදුව නවත්තන්න බෑ. එයාට පුළුවනි මං වගේම අනිත් අයත් ඉන්න තැන අපායක්ද ස්වර්ගයක්ද කියල තීරණේ කරන්න. ඒ හින්දා ඔයාගෙ සිහින්‍යා අපිට බාධාවක් උනොත් එයාව මම අයින් කරනවා,
- ඔමටෝලා හාමෝනියා කෝව් -
Details
ISBN
9786245558872
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 2
-
One of the best novel I've read.රහස් පරීක්ෂක කතා වලට ආස කෙනෙක් විදියට, සෑහෙන්න කතා කියවපු කෙනෙක් විදියට, මට මේක ඇත්තටම පළමු නවකතාව කිව්වම පුදුම හිතෙන තරම් හොඳට ලියපු කතාවක්.
සමහර කතා කියවන්න හිතෙන්නෙ කතාවට ආස නිසා. ඊළඟට මොකක් වෙයිද කියල කුතුහලය නිසා. තවත් ඒව කතාව කියන ස්ටයිල් එක, භාෂාව හසුරුවන විදිය නිසා.
මේක ඒ හැම පැත්තෙන්ම පරිපූර්ණයි කියන්න පුළුවන්. කියවන්න ගත්තම ඒකට බැඳල තියාගන්න පුළුවන් විදියෙ ස්ටයිල් එකක්.
ඒ වගේම අදාළ ක්ෂේත්‍ර ගැන හොඳට හොයල බලල අඩුපාඩු අවම කරගෙන කැපවීමෙන් කරපු වැඩක් කියන්න පුළුවන්.
කතාව ගොඩනගාගෙන ගිය විදිය මාරයි. හැබැයි සමහර කොටස් ටිකක් විතර සංවේදී අයට දරුණුයි වගේ දැනුණා.
අපරාධ පරීක්ෂණ කතා වලට ආස නම් කියවන්නම ඕන එකක්. -
කියවන්න ඕනම පොතක්පරිවර්තන පොත් කියවන්න ආස අයට ඒ රසය තියන පොතක්. පොතේ හැම කොටසින් කොටසටම උපරිම කුතුහලය පිරුනු, ත්‍රාසය, භීතිය, සතුට, ආදරය, සහෝදර ප්‍රේමය හරි ලස්සනට එකතු වුන දාම ඝාතකයෙක්ගේ ජීවිත කතාවයි මේ පොතේ අන්තර්ගත වෙන්නෙ.
විද්‍යා ප්‍රබන්ධයක තරම් විද්‍යාව ආශ්‍රිත කරුණු වගේම තවත් ඉගන ගත හැකි දේ බොහොමයි මේ පොත කියවීම තුලින්. ඉතින් කෙනෙක් කියවිය යුතුම පොතක් ලෙස මම මේ පොත නිර්දේශ කරනවා.
Write a review