Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ද්‍රෝහියාගේ හදවත

ද්‍රෝහියාගේ හදවත

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ඔයාගෙ හදවත, මගෙ සිහී!”

- රාදුක් අන්ද්‍රේ කෝව් -

 

"ඒක හරිම ද්‍රෝහී ගෑනියෙක්ගෙ හදවතක් රාදු”

- සිහින්‍යා අධීෂ්වරී -

 

"ඔයා නම දුන්නු කෙල්ලගෙ ජීවිතේ මට ගන්න උනොත්, මම ඒක ගන්නවා. ඒත් මම දන්නෑ ඔයා හංගන රහස. ඔයා ඒක හරිම තැන වළලලා. මට රාදුව නවත්තන්න බෑ. එයාට පුළුවනි මං වගේම අනිත් අයත් ඉන්න තැන අපායක්ද ස්වර්ගයක්ද කියල තීරණේ කරන්න. ඒ හින්දා ඔයාගෙ සිහින්‍යා අපිට බාධාවක් උනොත් එයාව මම අයින් කරනවා,

- ඔමටෝලා හාමෝනියා කෝව් -

ISBN
9786245558872
පිටු ගණන (Pages)
344
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 3
  1. ද්‍රෝහියාගේ හදවත
    ලංකාව ඇතුලේ දාම ඝාතකයෙක් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තොත් මොන වගේ දෙයක් සිද්ද වෙයිද ? මම අද කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක් ගැන.

    ........

    "ඔයා නම දුන්නු කෙල්ලගෙ ජීවිතේ මට ගන්න උනොත්, මම ඒක ගන්නවා. ඒත් මම දන්නෑ ඔයා හංගන රහස. ඔයා ඒක හරිම තැන වළලලා. මට රාදුව නවත්තන්න බෑ. එයාට පුළුවනි මං වගේම අනිත් අයත් ඉන්න තැන අපායක්ද ස්වර්ගයක්ද කියල තීරණේ කරන්න. ඒ හින්දා ඔයාගෙ සිහින්‍යා අපිට බාධාවක් උනොත් එයාව මම අයින් කරනවා,

    - ඔමටෝලා හාමෝනියා කෝව්

    උපුටා ගැනීමකී

    .........

    මේ කතාව රාදුක් , සිහින්‍යා , හරිත් සහ ආර්‍යයන් කියන ප්‍රධාන චරිත වටා තමා ගෙතිලා තියෙන්නේ. ස්වතන්ත්‍ර කෘතියක් වන මෙ පොත Malshi N Fernando විසින් රචනා කරලා තියනවා. ඒ වගේම මේ පොත නොහදුනන්නී ප්‍රකාශකයන් විසින් ප්‍රකාශනය පත් කරලා තියනවා

    මේ කතාවට පාදක වෙලා තියන කතාව ගැන කෙටියෙන් බැලුවොත් එක පාරටම ව්‍යාපාරික ලෝකයේ නම් දරාපු පිරිසක් එකම දාම ඝාතකයෙකුගේ ග්‍රහනයට නතු වෙනවා. මේ ගැන විමර්ශන භාර වෙන්නේ හරිත් , ආර්යයන් ඇතුලු පිරිසට . එයාලාට සිහින්‍යා ගෙත් සහය ලැබෙනවා මේ දාමඝාතකයාව හඹා යන්න. ඉතින් එයාලාට මේ අබිරහස් දාම ඝාතන මාලාව විසදගන්න පුලුවන් වෙයිද ? දාම ඝාතකයාව අල්ල ගන්න පුලුවන් වෙයිද ?

    ඒ වගේම තමා මම දැකපූ දරුණුම දාම ඝාතකයන්ගෙන් කෙනෙක් මේ පොතේ ඉන්නවා කියලා කිවත් හරි.

    මේ පොත ලියවිලා තියන භාශාව ගැන බැලුවොත් එක දිගට කියවගෙන යන්න පුලුවන් , පැහැදිලි වගේම චිත්තරූප මැවෙන ආකාරයේ හරිම ලස්සන භාශා භාවිතයක් මේ පොත ඇතුලේ දකින්න පුලුවන් .

    ඒ වගේම තමයි මේ පොතේ ශානර ගැන බැලුවොත් , මේ පොත දාම ඝාතන , අබිරහස් , crime , crime thriller වගේ ශානර කිපයකටම අයිති වෙනවා කියලා කිවොත් හරී.

    මගේ අදහස අනුව මේ පොතට
    ????????????????????
    ක් මම දෙනවා.

    පිටු - 344
    මිල - 1500

    #hermi 88
    Anjali ·
  2. One of the best novel I've read.
    රහස් පරීක්ෂක කතා වලට ආස කෙනෙක් විදියට, සෑහෙන්න කතා කියවපු කෙනෙක් විදියට, මට මේක ඇත්තටම පළමු නවකතාව කිව්වම පුදුම හිතෙන තරම් හොඳට ලියපු කතාවක්.

    සමහර කතා කියවන්න හිතෙන්නෙ කතාවට ආස නිසා. ඊළඟට මොකක් වෙයිද කියල කුතුහලය නිසා. තවත් ඒව කතාව කියන ස්ටයිල් එක, භාෂාව හසුරුවන විදිය නිසා.

    මේක ඒ හැම පැත්තෙන්ම පරිපූර්ණයි කියන්න පුළුවන්. කියවන්න ගත්තම ඒකට බැඳල තියාගන්න පුළුවන් විදියෙ ස්ටයිල් එකක්.

    ඒ වගේම අදාළ ක්ෂේත්‍ර ගැන හොඳට හොයල බලල අඩුපාඩු අවම කරගෙන කැපවීමෙන් කරපු වැඩක් කියන්න පුළුවන්.

    කතාව ගොඩනගාගෙන ගිය විදිය මාරයි. හැබැයි සමහර කොටස් ටිකක් විතර සංවේදී අයට දරුණුයි වගේ දැනුණා.

    අපරාධ පරීක්ෂණ කතා වලට ආස නම් කියවන්නම ඕන එකක්.
    Dilshan Maduranga ·
  3. කියවන්න ඕනම පොතක්
    පරිවර්තන පොත් කියවන්න ආස අයට ඒ රසය තියන පොතක්. පොතේ හැම කොටසින් කොටසටම උපරිම කුතුහලය පිරුනු, ත්‍රාසය, භීතිය, සතුට, ආදරය, සහෝදර ප්‍රේමය හරි ලස්සනට එකතු වුන දාම ඝාතකයෙක්ගේ ජීවිත කතාවයි මේ පොතේ අන්තර්ගත වෙන්නෙ.
    විද්‍යා ප්‍රබන්ධයක තරම් විද්‍යාව ආශ්‍රිත කරුණු වගේම තවත් ඉගන ගත හැකි දේ බොහොමයි මේ පොත කියවීම තුලින්. ඉතින් කෙනෙක් කියවිය යුතුම පොතක් ලෙස මම මේ පොත නිර්දේශ කරනවා.
    Mayu ·
Write a review
Write a review

You're reviewing: ද්‍රෝහියාගේ හදවත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.