දූලි පොළොවක පිපී
කණ්ඩායම හා මුසු වුණත් තෙනුකගේ සවන පත් අතර රැව් දෙන්නේ නන්නාඳුනන යුවතියගේ වදන්මය. සරෝජනී රුචිකාංගි ජයවීර කියලා කෙනෙක් දන්නවද?’
ඇත්තටම ඒ කවුරු වෙන්න පුළුවන්ද? අම්මා දන්න කෙනෙක්ද? පෙනුමෙන් නම් මටත් වඩා බාල කෙල්ලෙක්. ඉතින් එයා කොහොමද අපේ අම්මාව දන්නේ? කිසිම දවසක නෑදෑයෙක්, යාළුවෙක් කියලා කෙනෙක් අපේ ගෙදර ඇවිත් නෑ. අම්මාගෙන් ඇහුවට එහෙම කවුරුවත් ගැන කියලවත් නෑ.
සිතාරාගේ හදවතද ඊට නොදෙවනිය. මේ කවුරුන් විය හැකිද...? අම්මා හොඳටම දන්න කෙනෙක් වෙන්න ඕන. නැත්නම් නිතර පාවිච්චි නොවුණු රුචිකාංගි කියන නමත් දන්නේ කොහොමද? ඒත් ඉතින් ඒ ළමයා සුදූටත් වඩා බාලයි වගේනේ. අම්මාගේ කවුරු හරි නෑදෑ කෙනෙක් වෙන්න බැරිද? කොහෙද ඉතින්... මේ සුදූ තදියමට ඇදගෙන ආවානේ. කිසිම විස්තරයක් අහගන්නවත් වුණේ නැහැ ඒක නිසා
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.