Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / දුන්හිඳ හැඬුවා

දුන්හිඳ හැඬුවා

කතෘ (Author): Saman Edirimunee
ප්‍රකාශක (Publisher): Rasakatha (Pvt) Ltd
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“හැමදෙයක්ම වගේම හැමෝම වෙනදා වගේ නෑ මිස්... ලෝකේ මේ තරම් ඉක්මනට වෙනස් වෙනවා කියලා මං ඉස්සර හිතුවේ නෑ... හැබැයි මං දැන් තදින්ම විශ්වාස කරනවා... මේ ලෝකේ වෙනස් වෙනවා... අපි හිතන්නේ නැති තරම් ඉක්මනට...”

මම වරින් වර ඇගේ කුස දෙස හොරැහින් බැලුවෙමි. ඇඳ ඇතිරිල්ලකින් වැසී ඇති කුස පිටතට වෙනසක් පෙනෙනා තරම් තවමත් නෙරා විත් නැත.

“මෙයාට මොකද?”

මම අහිතක් නොහිතාම යුවතියගේ කුසට අත තබා ඇසුවෙමි. ඇය ක්ෂණිකව තිගැස්සී මෙන් මදෙස බැලුවාය. මොහොතක් මා දෙස බලා උන් ඇගේ දෙනෙත්වලින් කඳුළු මෝදු විණ. මා ඇසුවේ වැරදි යමක්දැයි මම කල්පනා කළෙමි.

“කියන්න අකමැති නම් කියන්න එපා... සමාවෙන්න එහෙම දෙයක් ඇහුවට...”

මම අධෛර්යමත් වූවා සේ කීවෙමි. යුවතිය ඇගේ කුස මත තිබූ මගේ අත මා ඉවතට ගනිත්ම අල්ලාගත්තාය.

“ඔ...යා... වි...ත...ර...යි... එයා... ගැන... ඇහුවේ... අම්මලාවත්... ඇහුවේ නෑ ගගන...”

යුවතිය ඉකිගසමින් හැඬුවාය. මගේ පපුව ඇවිලෙන්නට විය. දනිමි, කිසිවෙකුත් මා හා එකඟ නොවනු ඇත. දවසක් හෝ ආදරය කළ යුවතියකගේ දෑසේ කඳුළු දැක හිනැහෙන්නට තරම් මගේ පිරිමි හිත තවමත් දරුණු නැත. මේ මොහොතේදී වුව මා ප්‍රාර්ථනා කරන්නේ ඇයට අඬන්නට හේතු කාරණා ඇත්නම් ඒ සියල්ල මගේ ජීවිතය මත වැටේවායි කියාය.

“එයා ඉන්නවා... මං කොයි තරම් නරක කෙල්ලෙක්ද?”

“ඕන වුණේ ඔයාව නැතිකරගන්නද? මෙයාව නැතිකරගන්නද?”

මම සෙමින් ඇගේ නෙත්වලින් ඇසුවෙමි. ඇය දෑතින්ම මුහුණ වසාගත්තාය. මට පිළිතුරු අවශ්‍ය නැත. නමුදූ ඇය, ඇය සඳහාම ඊට පිළිතුරක් සොයාගත යුතුයයි මම තරයේ විශ්වාස කළෙමි.

ISBN
9786246417635
පිටු ගණන (Pages)
724
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දුන්හිඳ හැඬුවා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.