Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / දූපතක තනි වූ යුවතිය

දූපතක තනි වූ යුවතිය

About this book

H RIDER HAGGARD

Mary of Marion Isle

දූපතක තනි වූ යුවතිය

එස්. චන්ද්‍රසිරි දසනායක

වෛද්‍යවරයකු මෙන්ම සාමිවරයකු ද වන ඇන්ඩෘ වෙස්ට්, අග්‍රාණ්ඩුකාර ධූරය භාර ගැනීම සඳහා සිය සේවක මණ්ඩලය හා බිරිඳ වන ක්ලාරා මවුන්සෙල් ද කැටිව, ඕෂනියාව බලා යාත්‍රා ගමනක යෙදෙන අතර අයිස් කන්දක ගැටීම නිසා නැප්චූන් නෞකාව මුහුදේ ගිළී යයි. එහි දී ඇන්ඩෘ හා ජැක්ස් නමැති සේවකයින් දෙදෙනා නැවේ යට තට්ටුවේ කොටු වී සිටින අතර ඔවුන් මළ බවක් සිතන නැවේ ඉතිරි සියල්ලෝම, ජීවිතාරක්‍ෂක බෝට්ටුවල නැඟී යාත්‍රා කරන අතර වෙනත් නැවකින් ඔවුන් ගලවා ගනු ලබයි.

පසුව, ඇන්ඩෘ සහ ජැක්ස් ඉතිරිව තිබූ ජීවිතාරක්‍ෂක බෝට්ටුවේ නැඟී ගොස් මේරියන් අයිල් දිවයිනට ගොඩ බසිති. එහි දී ඔවුන්ට කලකට පෙර මුහුදු බත් වුණු නැවකින් දිවි ගලවා ගත් පිරිසක් ඉදි කරන ලද පැල්පතක් හා ආහාර ද්‍රව්‍ය රැසක් ද හමු වීම නිසා ඔවුන් ඒවායින් යැපෙමින් ජීවත් වෙන අතර ජැක්ස් මිය යයි. අනතුරුව, දූපත ගවේෂණය කරන ඇන්ඩෘ වෙස්ට්රි, ඔහු ලෙසින්ම නැවකින් දිවි ගලවා ගත් මේරි හමු වෙයි. එහි දී යුග දිවියක් ගත කරන ඔවුන් දෙදෙනාට උපන් දියණිය වන්නේ ජෙනට් ය.

අවසානයේ ක්ලාරා මවුන්සෙල් සිය සැමියා සොයා මේරියන් අයිල් දිවයිනට පැමිණීමෙන් පසු ඔවුන් සතර දෙනාගේ ඉරණම කුමක් වෙනු ඇත් ද?

Details
ISBN
9786245710348
පිටු ගණන (Pages)
398
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: දූපතක තනි වූ යුවතිය

Reviews are published once a member of our team has read them.