එරික් බ්රයිට්අයිස්
තෝර්ග්රිමර් සහ සයිවුනා ගේ පුත්රයා වන එරික් බ්රයිට්ඇයිස්, අයිස්ලන්තයේ ඉපැරණි යුගයක විසූ අසීමිත ශක්තියේ හා පරිසමාප්ත පුරුෂ සෞන්දර්යක ප්රතිමූර්තියක් බඳු තැනැත්තෙකු විය. ඔහු ගේ ආදරය දිනා ගත් එකම යුවතිය බවට පත් වූයේ නෝර්ස් දෙවිවරුන් ගේ පූජකවරයා ලෙසට කටයුතු කළ ප්රාන්ත නායක ඔස්මන්ඩ් ගේ දියණිය වූ සුරූපී ගුඩ්රූඩා ය. ඇය ආදරය කළේ ද එරික්ටම පමණි.
ඔස්මන්ඩ්ට දාව, මුහුදුබත් වූ නැවකින් දිවි ගලවා ගන්නා ලද ග්රොආ මන්ත්රකාරියට උපන් දියණිය වූ සුරූපී ස්වෝන්හිල්ඩ් ද එරික් ගේ ආදරය පැතුවත් ඔහු ගේ ආදරය හිමි වන්නේ ගුඩ්රූඩාට පමණි; මෙයින් කෝපයට පත් වන ඇය, එරික් තමා සතු කර ගැනීම සඳහා මවගේ ද සහාය ඇතිව භයානක කුමන්ත්රණයක් දියත් කරන්නී ය.
එහි අවසානය බවට පත් වන්නේ, නීතියට එරෙහි වූවකු බවට පත් වෙන එරික් බ්රයිට්ඇයිස්ට වයිකිං මුහුදු චාරිකාවක යෙදීමට සිදු වීම යි. ඇය මේ සියල්ල කරන්නේ අවසානයේ එරික් තමා සතු කර ගැනීමේ අදහස ඇතිව වුවත් ඇයට මෙම පෙම් සටනින් ජය ගත හැකි වේ ද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.