මුතු කන්‍යාව
H. Rider haggard
PEARL MAIDEN
මුතු කන්‍යාව
එස්. චන්ද්‍රසිරි දසනායක
යුදෙව්වෝ, ජේසුස් වහන්සේ ව කුරුසියේ තබා ඇණ ගැසීමෙන් පසු මහා කිතුනු සංහාරයක් ඇරඹූ හෙරොද් ඇග්‍රිප්පා රජු, නව ඇදහිල්ල පිළිගත් බෙහොමයක් ජනයා මරා දැමුවේ රඟබිමේ දී ගැලැඩියේටර්වරුන් සමඟ මෙන් ම සිංහයින් සමඟ ද සටනට යෙදවීමෙනි.
යුදෙව් අන්තවාදී රබ්බිවරයෙකු වන බෙනෝනි, නව කිතුනු ඇදහිල්ල පිළිගත් ඔහුගේ දියණිය වන රේචල් සහ ඇගේ සැමියා වන ඩේමාස් ද රෝමන්වරුන්ට පාවා දෙයි. ග්ලැඩියේටර්වරුන් හා සටනට යවා ඇගේ සැමියා මරා දැමීමෙන් පසු රේචල් හා ඇගේ සේවිකාව වූ නෙහුෂ්ටා ද හෙරෝද් ඉදිරියේ රඟ බිමේ දී සිංහයින් වෙත ඇද දැමීමට නියමිතව සිටින මොහොතක, හෙරොද් දෙවියන් වහන්සේ එවූ මරණයේ දූතයාගේ පහරට ලක් වෙයි. එහි දී ඇති වූ කලබලය ඔස්සේ රේචල්ට හා නෙහුෂ්ටාට රඟබිමෙන් බැහැරව නැවකින් පලා යාමට හැකියාව ලැබෙ යි. රේචල් නැවේ දී මීරියම්ට උපත ලබා දෙමින් මිය යන්නේ, දියණිය කිතුනුවෙකු හා විවාහ විය යුතු බවට නියෝගයක් දෙමිනි. ඉන් පසු එසෙනිවරු අතර ඇති දැඩි වන ඇය තරුණ වියට එළඹීමෙන් පසු 'මුතු කන්‍යාව' බවට පත් වන්නී ය.
මුතු කන්‍යාව, ඇගේ ළමා කාලයේ මිතුරා වන කේලබ් ද, රෝමානු හමුදා නායකයෙකු වන මාකස් හා ටයිටස් සීසර්ගේ පුත්‍රයා ද වන ඩොමිෂන් යන සියල්ලන් සමඟ ඉරණම් දැලක පැටළෙන්නී ය. ඇගේ සැබෑ ආදරය හිමි වන මාකස් ඒ නිසා විනාශයකට මුහුණ දෙයි. අවසානය කුමක් වේවි ද? මාකස්ට දිවි බේරා ගත හැකි වේ ද? මුතු කන්‍යාව, කේලබ්, මාකස් සහ ඩොමිෂන්ගේ ඉරණම කුමක් වෙනු ඇත් ද?
සම්පූර්ණ යි! අසංක්ෂිප්ත යි!
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.