එගොඩහ යන්නී
කිවිඳියක, ගේය පද රචිකාවියක, කෙටිකතාකාරියක මෙන්ම, සඟරා සංස්කාරකවරියක ලෙස ද සිනුවර සිංහල ප්‍රජාව අතර දශක තුනක් තිස්සේ සිය නම රැන්දූ මලී දිසානායක තම සාහිත්‍ය ගමනේ ඊළඟ පියවර තබමින් නවකතාකරණයට පිවිසෙන්නේ "එගොඩහ යන්නී” කෘතිය සමගිනි. සාහිත්‍යමය ත්‍රෛමාසිකයක් ලෙස “සිංහල” සඟරාව සංස්කරණය කරමින් සිනුවර අංකුර සිංහල ලේඛකයින්ට තම නිර්මාණ බෙදා ගැනීම සඳහා තෝතැන්නක් සපයා දුන් ඇය, ඉනික්බිති සිනුවර ලේඛකයින් අතින් බිහිවුණු සිංහල සාහිත්‍ය කෘති විශාල සංඛ්‍යාවක අත්පිටපත් සෑදීම සඳහා උපකාර කළාය. ඒ අත්වැල උපයෝගී කරගෙන එගොඩ ගිය අප සියලු දෙනාටම *එගොඩහ යන්නී” කෘතියේ ආගමනය විශාල ආස්වාදයක් වනු නොඅනුමානය.
"එගොඩහ යන්නී" නවකතාව ගොඩනැගෙන්නේ පසුගිය සියවසේ මැද භාගයේ ග්‍රාමීය මැද පන්තියේ ගොවි පවුලක ඉපිද විවිධ අසාධාරණයන්ට මුහුණ දෙමින් සිය ජීවිතය ගොඩනංවාගත් තරුණියකගේ චරිතය වටාය. ගැමි පවුලක ගැහැනු දරුවකු වීම සාපයක් බඳු වූ, කාන්තා අයිතිවාසිකම් ගැන කිසිදු සැලකිල්ලක් නොතිබුණු ඒ අවධියේ දී, තම අයිතිවාසිකම් වෙනුවෙන් ඇය කරන සටන එක්තරා ආකාරයක විමුක්ති අරගලයකි. වීර වික්‍රමාන්විතයකි. මලී දිසානායක ලේඛිකාව තම සුගම භාෂාවෙන්, සූක්‍ෂම රචනා විලාශයෙන්, සුදුසු සංයමයෙන් ඒ වෘත්තාන්තය අප නෙත් අභියස මවන්නේ තම සහජ ලේඛන හැකියාව මොනවට කියාපාමිනි.
සෞන්දර්යවාදී කවියන් සහ ලේඛකයින් විසින් අපේ සිත් තුළ මවා ඇති ලංකාවේ ග්‍රාමීය සුන්දරත්වය යනු පරිසරයට පමණක් සීමා වූ එකක් මිස ගමේ වසන මිනිසුන් බහුතරයට කිසිසේත්ම අදාළ නොවන ෆැන්ටසියක් පමණක්ම බව අපට සිහිපත් කර දීම පමණක් වෙනුවෙන් වුව "එගොඩහ යන්නී” නවකතාව සම්මානයට පාත්‍රවිය යුතුය.
රසික සූරියආරච්චි,
සංස්කාරක,
“සිසිල” මාසික සාහිත්‍ය සඟරාව
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.