කපටිකම හා කෛරාටිකකම හුදෙක් මනුෂ්‍යයින් අතළොස්සක් පමණක් උපතින් උරුමකොට ගත්තක් ද? නොඑසේ නම් රැවටිලිකාර සීමිත සමාජ රටාවක් තුළ සිරගත වුණු තත්වයක් යටතේ දිවි පෙවෙත ගෙන යාමේ ප්‍රශ්නයට තම තමන්ගේ දැනුවත්කම් හා නොදැනුවත්කම් අනුව මුහුණ දීමේදී මතුවන සාමාන්‍ය ස්වාභාවයක් ද? ''එළිවෙනවා නොදැනේ'' නවකතාව මගින් විශ්ලේෂණය කෙරෙන්නේ මූලික වශයෙන් මෙම ප්‍රශ්නයයි.නිර්මල වූ ගම හෝ පිරිහුණූ නගරය හෝ පිළිබඳ පුර්ව නිගමනාත්මක ඊනියා සංකල්පයන් කර පින්නා නොගෙන යථා තත්වයට යථා පරිදි ගවේෂණය කිරීමට තැත් කරන මම යථාර්තවාදී නවකතාව වත්මන් සමාජ අර්බුදය දෙස නිරීක්ෂණාත්මක බැල්මක්ද හෙළයි.උඩරට ගැමි ජීවිතය පසුබිම් කරගෙන ලියන ලද මෙහි බස එම ජීවමාන පරිසරය තුළින්ම සකස් කර ගන්නා ලද භාෂා රටාවකින්ද යුක්තය.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.