Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / එනු කොහි සිට

එනු කොහි සිට

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“එනු කොහි සිට” යනු බන්ධුල නානායක්කාරවසම්ගේ වෙළුම් තුනකින් යුතු ස්වයං චරිතාපදානයේ ප්‍රථම භාගය වන ළමා වියයි. මේ කෘතියෙන් පසු පිළිවෙලින් 'තරුණ විය' සහ 'මැදිවිය' ලෙස ඉතිරි වෙළුම් යුග්මය මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීමට නියමිතයි.

“එනු කොහි සිට” - ළමා විය කෘතියේ සංගෘහ වන්නේ ලේඛකයා ගාල්ලේ සිය උපන්ගම වන බෝපේ, හීන්පැන්දල දී අත් දුටු නැවුල්, විසිතුරු ළමා ජීවිතයයි. අද නාගරීකරණයට හසු වුවත්, එදා නගරයට අති සමීපව පිහිටියද සුන්දර සොබා සොඳුර චිත්‍රණය වූ එකී ජීවන තතු, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනයේදී ලද හැඟුම්බර මතක, සැමරුම් විශ්මයාන්විත ස්මරණයෙන්, ළගන්නා සරල, ආකර්ෂණීය බස් වහරින්, නවමු ලේඛන ලාලිත්‍යයෙන් බන්ධුල, රසික සමාජයට පුද දෙයි. මුල් ඉදිරී, අරටු බිඳී, විකෘතව ගිය තත්කාලීන ප්‍රපාතාභිමුඛ සමාජයට 'එනු කොහි සිට” ළමා ජීවන අන්දරය සිහිනෙන් ගෑ සුවඳක් බඳුව විසරණය වීම වැළැකිය නොහැක්කා සේම, එයින් උත්ප්‍රේරණය නොවී සිටීමටද නොහැකි වනු ඇත.

ISBN
9789556776560
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: එනු කොහි සිට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.