මුහුදු ජලකඳ දෙබෑ කරගෙන ඉදිරියට ඇදෙන මේ අට
මහල් නෞකාවේ වේගරිද්මය එහි වැද සිටින ඔවුන්ට
නොදැනේ. මේ නැව් නිවහන තවමත් ඔවුන්ට නුහුරුයි.
නුපුරුදුයි.
පසෙක කවුළුවෙන් කාන්දු වෙන හිරු එළියේ කිමිදෙන
යුවතියක්.
අනෙක්පස සිට ඈ දෙස නෙත් හෙළමින් මනෝරාජික
තොටිල්ලේ නැලවෙන තරුණයෙක්.
විසතෝ සහ සෙන්කඩ එකිනෙකා හමුවන්නේ
නන්නාඳුනන්නන් විලස.
ඒ ජගත් තරුණ නොකා වැඩසටහන ක්රියාත්මක වන
ෆුජිමාරු නැව් නිවස්නයේ දී.
ජපානය හා ලංකාව
දේශ සීමාව
භාෂාව
එකිනෙකට නුහුරුයි. නුපුරුදුයි.
නැව් නිවස්නයේ හඬ ශබ්ද රිද්මයට කෙමෙන් හුරු වන
මේ දෙදෙනාට නුහුර තවදුරටත් නුහුරක් නොවේ.
එහෙත් ඔවුන් දෙදෙනා එක් කරන ස්නේහය ඔබට මට
නුහුරු විය හැක.
හුරු පුරුදු ස්නේහයකට වැදි නුහුරු නුපුරුදු
අනිමිසලෝචනයක යෙදෙන දෙදෙනෙකුගේ කතා
පුවතයි මේ.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.