Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගිම්හාන සියපතක්

ගිම්හාන සියපතක්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"හුස්මක් තරමට” නවකතාව මුලින්ම එක හුස්මට කියවන්න හැකිවිමෙන් ලයන්ති නම් වු යොවුන් රචිකාවගේ ලේඛනය තුළ තිබුණ සාධනිය ලක්ෂණ හදුනා ගැනීමට මට හැකි විය. ලයන්ති ඉතා හෘදයාංගමව කතන්දර ගොතන්නියකි. සිය කතාවන්ගේ වියමන හෘදස්පර්ෂිත කරන්නට තරම් ලයන්ති සියුම් වන්නීය.

ප්‍රේම කතන්දර ගොතන්නියක ලෙස ලයන්ති කියවා ගත හැකි වුවත්, ඉන් ඔබ්බට විහිදෙන නවකතා ලිවිමේ සතතාභ්‍යාසයක් ඇය සතුව ඇති බව හදුනා ගත හැකිය.

ඒ නිසාම මා ලයන්තිට යෝජනා කළේ හුස්මක් තරමට නවකතාවට ඔබ්බෙන් නවකතාවක් ලියා තමන්ගේ නවකතා ගෙත්තම් කිරිමේ සීමාව අතික්‍රමණය කර තවත් ඉදිරි පියවරක් තබන ලෙසයි. ලයන්ති තමන් විසින් හුරුකරගනු ලැබූ අභ්‍යාසය කරමින් පැමිණි ලිවිමේ සහ සිතිමේ පිළිවෙත "ගිම්හාන සියපතක්” නවකතාව ඔස්සෙ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් කර ගෙන ඇතැයි මට සිතේ. "ගිම්හාන සියපතක්” සඳහා තෝරාගෙන තිබෙන ප්‍රස්තුතය පැරණි ලෝකය මෙන්ම නුතන ලෝකයේ පවා තිබෙන පුද්ගල සම්බන්ධකම් සහ ග්‍රාමීය පුද්ගල මනෝභාවයන්ය. ඒ ඔස්සේ පැන නගින සමාජ ව්‍යාකූලතාවන්, ගැටුමන් ලයන්තිගේ අභ්‍යාසයන් ඔස්සෙ නවකතාවක් බවට පත් කර තිබේ. කතාවේ ප්‍රධාන චරිතය වූ දුනුසිංහ ආරච්චිගේ හංසනා ගිම්හානි දුනුසිංහ ව සමාජ කියවිම ලයන්ති සිය ගෙත්තමට සෙමින් පොවයි. ගම, පාසල, සම්බන්ධකම්, දේශපාලන බල පුළුවන්කාරකම්, ඇති නැති පරතරයන් මේ සියල්ල භ්‍රමණය වෙමින් පවතින්නෙ හංසනා ගිම්හානි වටා ය.

‘ගිම්හාන සියපතක්’ කියවා අවසන් වු පසු හිස්කමක් නොදැනෙන නවකතාවකි. පාඨකයාට ලයන්ති අවසන් කළ තැනින් තව ඉදිරියට යමින් නවකතාව තුළ ජිවිතය ගත කිරිමට අවස්ථාව සලසයි. පාඨක ඔබටත් එවන් හැගිමක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි. ඒ වෙන කිසිවක් නිසා නොව ගිම්හානයට පිපෙන මල් පවා වසන්තය ගැන සිහින දකින නිසාමය.

පරාක්‍රම ඒකනායක

ISBN
9786246586492
පිටු ගණන (Pages)
183
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගිම්හාන සියපතක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.