ගින්දරත් එක්ක සෙල්ලම්
About this book
මුහුදු ජල කඳ දෙබෑ කරගෙන එන දිය රකුසෙකු වගේ මහ වනය තලා පොඩි කර ගෙන ආ ඇතා ජයන්ත දිහා බැලුවේ තෝ මට මොන අග්ගලාවක් දැයි අසන්නා වගේ ය. උගේ දෑසින් අවීචි මහා නරකාදියේ දැල්වෙන ගිනි කන්ද දුටුවේ ජයන්ත ය. හොඬවැල කරකවමින් දළ දෙක බිම අනිමින් දළින් ගත් මහා පස්කන්දක් ඒ මෙ අතට විසුරුවමින් හොඬවැල පද්දවමින් වකුටු කරමින් යළි ඉහළට ඔසවමින් මහ හඬින් බෙරිහන් දෙමින් පසුපස ගාත් පොළොවේ ගසමින් හාත්පස දූවිලි වලින් වසමින් ඇතා යකා නටමින් සිටී. බිම ඇන ගත් දළවල රැඳුණු පස් ටිකින් ටික බිමට වැටෙද්දී ජයන්තට පෙනුණේ සද්දන්ත සතුන්ට දළින් ඇන මරා ගත් පසුව දළවල රැඳී විටින් විට බිමට පෙරෙන රුධිර ගංගාවක් වගේ ය. ලේ වැගිරෙන ගිනි දළු විසිරෙන දෑසින් ඌ ජයන්තට රවා බලයි.
Details
ISBN
9789553136930
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review