ගෲෂාම් ග්‍රෙන්ජ්
භීතියෙන් ලොමු ඩැහැගැන්වෙනසුලු අප්‍රසන්න සිදුවීම් පෙළක් ගෲෂාම් ග්‍රේන්ජ් හි සිදුවෙමින් පවතී...”
සිය දෙමාපියන්ගේ බල කිරීමට ගෲෂාම් ග්‍රේන්ජ් නැමැති අද්භූත පාසලේ සිසුවකු වූ ඩේවිඩ් එලියට් හට මුහුණ දීමට සිදු වූයේ තම ජීවිතයේ මෙතෙක් කිසි දිනෙක නොවිඳි භයංකර සිද්ධීන් දාමයකටයි. පාසලේ නවක සිසුන්ට ඔවුන්ගේ රුධිරයෙන් අත්සන් තැබීමට සිදුවීම, සෑම පූර්ණ සඳ මෝදු වීමකදීම සිදුවන ප්‍රංශ ගුරු භවතාගේ අතුරුදහන් වීම මෙන්ම, සහකාර විදුහල්පතිගේ කාර්යාල කාමරයේ තිබෙන්නා වූ පිළිකුල් සහගත දේ යනාදී දේවල් ඩේවිඩ්ගේ මනසට ගෙන දුන්නේ නොනිමි කුතුහලයකි. එසේම පාසලේ සියලු දෙනා කළු මුද්දක් පැලඳීම හා පාසලේ සිසුන් සෑම රාත්‍රියකදීම අතුරුදහන් වීම පිටුපස සැඟවුණු අබිරහස කුමක්ද? ඒ සියල්ලටම වඩා මෙම අද්භූත ස්ථානයෙන් නිරුපද්‍රිතව පිටව යාමට ඩේවිඩ්ට හැකි වේද?
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.