Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගුරු සෙනෙහස

ගුරු සෙනෙහස

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මානව දයාවෙන් පිරි හදවතක් ඇති කෙනකු ජීවිතය දකින අයුරු තරමක් වෙනස් ස්වරූපයක් ගනී. එයට හේතුවන්නේ "සංහිඳියාව", "සහජීවනය" හා "සංවේදීත්වය" වැනි සානුකම්පිත ගුණාංගයන් හට ජීවය ලැබෙන්නේ දයානුකම්පිත හදකින් මතුව එන ක්‍රියාවන් තුළින් පමණක් බැවිනි. එබැවින් කාරුණික හදවතකින් ලෝකය දෙස බලන්නකුට, ජීවිතය යනු කිසියම් සෞන්දර්යාත්මක චාරිකාවක් ලෙස වුවද විටෙක හැඟෙනු ඇත.

එලෙස යහපත් චේතනාවකින් වැඩ කටයුතු කරන අතරතුරේ වුව ද, දෛවය තම ජීවන ගමනට අකුල් හෙළන්නේ මන්දැයි මිනිස් සිතකට වටහාගත නොහැකි වන අවස්ථා ද එමටයි. ඒ සඳහා පිළිතුර, 'කාලයාට ඉඩදී උපේක්ෂා සහගත ලෙසින් ජීවිතයට මුහුණ දීම' බව වටහාගැනීම ද පරිණතභාවයේ ලක්ෂණයකි.

එවන් පරිණත දැක්මකින් යුතුව, සියුම් ජීවිත විවරණයක් ලෙසින් ගෙතී ඇති මෙම නවකතාව තුළදී ඔබට හමුවන යොවුන් ගුරුවරියක් වූ 'සෙව්වන්දි මිස්' තුළ තම ගුරු භූමිකාව පිළිබඳ පවතින භක්තිය හා මිනිසත් බව අරබයා පවතින විදර්ශනාත්මක දැක්ම ඔස්සේ ඇයගේ මුවින් නිකුත්වන දයාන්විත සහ ලයාන්විත වදන්වල දැවටෙමින් ගැඹුරු ජීවිත පරිඥාණයක් ලබාගැන්ම උදෙසා වූ සාධනීය උත්තේජනයක් පාඨකයාට ලැබෙනු ඇතිවාක් මෙන්ම, එවන් මංපෙතක් විවරකර ගැනීම සඳහා පාඨකයාට නිහඬ ආරාධනයක් ද කෙරෙයි.

වර්තමානයෙහිදී, සාමාජීය සංශෝධන සඳහා යොමු විය යුතු සාමූහික ආකල්පයන්හි බලවත් පිරිහීමක් දක්නට ඇතිවා සේම, චරිතවත් බව ද ගිලිහෙමින් පවතින වාතාවරණයකට මුහුණ දෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි පුණ්‍ය භූමියකට අවශ්‍ය වන්නේ ද මෙවන් ධනාත්මක ප්‍රවේශයන් ඔස්සේ පියවර නඟන්නට 'බිය නොවන' ශ්‍රී ලාංකික දූ පුතුත් බව හෘදයාංගම ලෙස මතක් කර දීමට දැරූ උත්සාහයක් ලෙසින් "ගුරු සෙනෙහස" ඔබ දෝතට පිදෙන්නේ නොමඳ සෙනෙහසකිනි.

ISBN
978955
පිටු ගණන (Pages)
655
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගුරු සෙනෙහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.