My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
අමාවක රෑ සැණින් මතුවූ
සඳක් හදවත බැබලුනා..
සෙනෙහෙ ගඟුලක ගිලී නැහැවුන
තරු එළිය දැක හිනැහුනා..
දිළෙන නුඹෙ වත හිතට තුරුලුව
අනන්තය දුර පියැඹුවා..
දුරුකතර මා අතරමං කළ
දිනෙහි මා හද මියැදුනා..
- සමීර් -
දුරකටම ගොස් නතර වෙන්නට
තරුවක්ම මග බලා උන්නා..
කළුවරක පෙම් හීන තැවරූ
දඬුවමට මා දුරක ඇදුනා..
උණුහුමට උන් දිනක් එක්කර
සිතුවමක රූ කඳුළු ඇඳුනා..
ඉස්සරම ළඟ තුරුලු වී උන්
හීන හිරවුණු හිතක් තිබුණා..
- හංසනා -
Author | පාලි මුණසිංහ - Paali Munasinghe (3) |
---|---|
Publisher | නොහදුනන්නී ප්‍රකාශකයෝ - Nohandunanni Publications (110) |
ISBN | 9786246596019 |
---|---|
පිටු ගණන | 424 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |