හන්තාන ද හැඬුවා රහසේ
“දාරක ස්නේහය නිසා ලොව විඳවන එකම
ගැහැණිය හෝ එකම මව වන්නේ මා නොවේ.
නමුදු ඒ වේදනාව නිසා මෙතෙක් විසිවසරකට
ආසන්න කාලයක් තුළ මා ජීවත් වූයේ ඇවිදින
මළ මිනියක් සේ හිත් පිත් රහිතවය. මේ සියල්ලට ම
වඩා පහන්ගේ හා දුවගේ ඇත්වීම නිසාවෙන්
නිරන්තර නැවෙන දැවෙන මගේ හදවන නඟන
සෝ සුසුම් හා දෙනෙන් අග තෙත් වී යන කඳුළු,
ලෝකයාට නොපෙනෙන සේ ජීවත් වීමට දැරූ
උත්සාහය මට බොහෝ දුෂ්කර වූයේය. විශේෂයෙන් ම,
මගෙත්, අයියාගෙත් ලෝකය සුන්දර කරන්නට දිවා රෑ
නොතකා වෙහෙස මහන්සි දැරූ දැන් ජීවිතයේ සැඳෑ විය
ගෙවන ආදරණීය දෙමව්පියන්ගෙන් මේ සියල්ල
සඟවාගෙන මා සිටින්නේ සතුටෙනි යන්න මවා පෑමට
කරන රංඟනය මට වඩාත් අසීරු වන්නේ ය. නමුදු මේ මිහිපිට
මට සිටින එකම සරණ වූ ඔවුන් දෙපළ වේදනාවෙන්
සිටිනවා දකින්නට මා තුළ ඇති බිය නිසාවෙන්
සියලු පැරණි මතකයන් අමතක කර දමා ජීවත්
වන්නා සේ හැඟවීමට මා ගත් උත්සාහය
ව්‍යර්ථ වූයේ නැත.”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.