ලොක්කි
"අනේ ඇත්තට! උඹ කොයිතරං නම් අපූරු අක්කා කෙනෙක් ද ලොක්කියේ, දස මාසයක් කුසේ හොවාගෙන හිටපු අම්මටත් නැති ලීලයක් නොවැ උඹ මේ අහිංසක කොලු පැටියාට තියෙන්නේ. සුදා ගින්දර ඇවිලුණා ම, නිදිමත වුණා ම ගිරිය කඩාගෙන කෑ ගහගහ අඬන මේ නොදරුවා නලවන්න පුළුවන් සාස්තරේ පිහිටලා තියෙන්නේ උඹට ව්තරයි නොවැ. අම්මා දාලා ගියත් උඹ වගේ අක්කා කෙනෙක් ලබන්න තරම් මේ කොලු පැටියා පිං කරලා නියෙනවා. සමහරවිට මේ සංසාර ගමනේ කවරදාක හරි උඹ මේ කොලු පැටියා උඹේ කුසින් ම බිහිකරනු මව් වෙලා ඉන්ටැනි ලොක්කියේ. උඹයි මේ කොලු පැටියයි ඉදිකට්ටයි, නූල් බෝලෙයි වගේ ආත්මයක් ආත්මයක් ගානේ ළඟින් ඉන්ටැනි. මේ නාකි අපි වල පල්ලට ගිය දාට මේ කොලු පැටියයි, කෙල්ලෝ දෙන්නවයි උඹ උඹේ නේත්තරා දෙක වගේ පරිස්සමට බලා කියා ගන්නවා කියලා මං දන්නවා රන්තරනේ...”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.