ඇබ්බැහිය භයානකය, අන්තරායකය, උමතුය. එය හැගීම් වලින් නැහැවුනු ප්‍රේමයන් රුධිරයෙන් නැහැවුනු වෛරයටත් පොදුය.
මඩ පස්ගොඩ මත හෑරි ඇති අඩි හයක් පමණ ගැඹුරු වල වෙත සාක්කුවෙන් ගත් පෙති පොඩි වු රෝස මල විසි කල නාදුනන්නා හිස් බැල්මෙන් නිසල මළ කඳ වෙත පහත් වුනි. බිම වැටි තිබු රක්ත වර්ණ රුධිරයෙන් පාට වැටුනු කදෙහි රතු ඇස් සහිත සර්පයෙකු එති ඉන්නා කිනිස්ස ගෙන මොහොතකට පෙර යකඩ කම්බියෙන් ලද පහරෙන් තැලි ගොස් තිබු මුවගේ දෑස් අග සිට කොපුල තෙක් හරහට යෙදු කිනිසි පහරෙන් විසි වු තවම උණුසුම් උකු රුහිරු බිදු කබායෙන් වැසි තිබු මුවගේ බේරුන විට අන්ධකාරි පරිසරය වසාගනිමින් නැගි වියරු සිනහවෙන් නාදුනන්නා මළ සිරුර ඇද ගෙන ගොස් ගැඹුරු වල මධ්‍යයේ අත් හැරියේය. උදලු පහරින් එකතු වන තෙත පස් පිඩැලි වලින් වැසි යන ගැඹුරු වල නිසාවෙන් නිසල සිරුර සියල්ලන්ට රහසේ ලෝකයෙන් සැගවි යන්නට වුනේය.
“රෙස්ට් ඉන් හෙල්''
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.