Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / හසරැල්

හසරැල්

ප්‍රකාශක (Publisher): ඇම්. ඩී. ගුණසේන
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

විවිධත්වය වනාහි සොබාදහමේ විශේෂත්වයයි. සරල බව තුළම ගැබ් වූ සංකීර්ණත්වය දැන හැඳිනගන්නට, ඉහළම බුද්ධියක් ඇතැයි සැලකෙන මිනිසා අපොහොසත් වුවද සොබාදහම මේ මිහිකත විවිධත්වයේ චමත්කාරයෙන් ඔකඳ කරවයි.

ජාතිය, කුලය, ආගම මෙන්ම ලිංගිකත්වයද, ලිංගික නැඹුරුව ද අපේ අභිමතයෙන් හා අනුමැතියෙන් තොරව, අපේ පාලනයෙන් දුරස්ව පවතින සාධක බැවින්, එකී කරුණු මත කිසිවෙකු පීඩාවට හා හිංසනයට ලක් කිරීම ශිෂ්ට සම්පන්න වූද නූතන වූද ලෝකයට නොහොබී.

තරු_ඉඳු ලේඛකයා සිය කෘතියෙන්, තමා තුළ වන ලිංගික නැඹුරුව හැඳින ගත්තද, එය අනුමත නොකරන එයට ඉඩ නොහරින හා එයට අවමන් කරන සමාජය අබිමුව තමාගේද සමීපතමයන්ගේද ජීවිත අවුල් වියවුල් කරමින් තරුණයෙකු වේදනා සාගරයක ගිලී යන අයුරු ඉතා අපූරුවට ප්‍රතිනිර්මාණය කරයි.

වර්තමානෙහි අප සමාජය අත් විඳින, සංකීර්ණ බවට හරවාගත් සරල ගැටලුවක් පාදක කරගන්නට තරම් එඩිතර වීමෙන්, සමාජ ආර්ථික හා දේශපාලන වාතාවරණය නිර්මාණකරණයේදී නොතකා නොහැරින වගකීම් සහගත ලේඛකයෙකු බව තරු_ඉඳු පසක් කරයි.

ප්‍රවීණ ලේඛිකා ශාන්ති දිසානායක

ISBN
9789552134258
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හසරැල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.