කිරුළපන ඇළ අයිනේ, මුඩුක්කු පරිසරයක ගැරහුම් සහ දරිද්‍රතාවයේ රළු පීඩනය මැද හැදී වැඩුණු මල්කාන්තිගේ ලෝකය නිමවී තිබුණේ කඳුළින් සහ බලාපොරොත්තු සුන්වීම්වලිනි. සමාජය ඇය දෙස බැළුවේ පිළිකුලෙනි. ඉරණම ඇයට උරුම කර දී තිබුණේ අඳුර පමණි.
නමුත්, වැසි බිඳුවකට තෙමී මාවත අයිනේ තිබූ කුණු කසළ අතර සැඟවුණු පත්තර කැබැල්ල ඇගේ දෑස් අළුත් ආලෝකයකින් පුරවාලීය. අතහැර දැමූ දිරාපත් ද්‍රව්‍ය මතින් පිපෙන හතු මලක් තුළින් ඇය දුටුවේ තමාගේම ජීවිතයේ අභිමානයය.
තමා සතු වූ නොසැලෙන ධෛර්යය පමණක් පෙරදැරි කරගෙන, ඇය සමාජයේ පවුරු බිඳ හෙළමින් මහා පරිමාණ
ව්‍යවසායිකාවක දක්වා යන මේ ගමන ඔබේ හදවත සසල කරවන, නෙතට කඳුළක් උනන, ඒ වගේම ජීවිතය දිනන්නට ඔබට මහා බලාපොරොත්තුවක් දෙන සජීවී ආත්ම ප්‍රකාශනයකි.
ඇය පැරදුණේ නැත... ඇය මුළු සමාජ ක්‍රමයම උඩු යටිකුරු කළාය!
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.