විද්‍යාත්මක නව නිපැයුම් නිසාත්, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වල සීඝ්‍ර වර්ධනය නිසාත් සමස්ත ලෝක වාසීන්ගේ දිවි පැවැත්ම වෙනස් වෙමින් පවතී. වෙනස්වන සිතුම් පැතුම් හා චර්යාවන් පසක් කොටගෙන එවන් පිරිසක් වෙනුවෙන් කතාවක් නිර්මාණය කිරීම අතිශය දුෂ්කර කාර්යකැයි නොකිව යුතුද?
ගම්මඩුව වැනි ඈත දුර බැහැර ප්‍රදේශයක සිට සිදාදියට එන ශාන්තිනී වැනි යුවතියකගේ ජිවිතය පසුබිම් කොටගෙන සුජාතා අලහකෝන් ලේඛිකාව, " හීන හරි උණුසුම් " යන කතාව නිර්මාණය කිරීමෙන් ඒ දුෂ්කර කාර්යය ජයගෙන ඇතැයි කියන්නට මම කිසිසේත් පසුබට වියේ පසුවන්නවුන් අරබයා ඇය ලියන කිනම් නොවෙමි. යොවුන් කතාවක් වුවද අර්ථවත් බවින් සහ රසයෙන්ද යුතුවෙයි. එහෙයින් "හීන හරි උණුසුම් " නැමැති යොවුන් කතාවද කලකට පසු කියවන්නට ලැබුණු හොඳ පොතකි.
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.