හෙවනැල්ල - සිරි ගුණසිංහ

Special Price රු. 855.00 Regular Price රු. 950.00
In stock
SKU
hewanalla-siri-gunasinghe-godage-publishers

ජිනදාස කාමරයේ දොර හැරීයේය. අරිනවාත් සමගම දැවැන්ත අවතාරයක් මෙන් කවුද දොර ඉදිරියෙහි සිටින බව ඔහුගේ නිලංකාර වූ ඇස් දෙකට පෙනින. ජිනදාසගේ ඇඟ මුලුමනින්ම දාඩියෙන් තෙමී ගියේය. හිටි තැනින් හෙලවෙන්නට තරම් ශක්තියක් නැත. හිස හරවා බැලීමට තරම් ශක්තියක් නැත. අම්මා. වැරහැලි ඇඳගෙන පරුවතයක් වගේ මේ ඉන්නෙ අම්මා. තවත් ඒ කාමරයේ රැඳී සිටිය නොහැක. පිම්මෙන් දෙකෙන් ජිනදාස එලියට පැන්නේය. කාමරයේ සිටින ගැහැනිය මොකද මහත්තයා මොකද කියන හඬ ඇසුනි යයි ජිනදාසට හිතින.

ඒකි කන වෙලාද, ජේන්නෙ නැද්ද. අම්ම.

ඉදිරිපස නගරයේ වහලවල් උඩින් බටහිර අහසපුරා පැතිර ගිය රත්පැහැය ජිනදාසගේ හිතට බිය ගෙන දෙන්ට විය. කකුල් පැටලෙන්නාක් මෙන් ඔහුට දැනින. මහ මල මිනියක් දවන මහා දරසෑයකින් බුර බුරා නගින ගිනිදැල් මෙන් බටහිර අහස පෙනෙයි. ඒ දෙස බලා සිටිය නොහැක. ආපසු හැරී දුවන්නට ජිනදාසට හිතින. ජිනදාස ආපසු හැරුනේය.

Author සිරි ගුනසිංහ - Siri Gunasingha (2)
Publisher ගොඩගේ - Godage (474)
More Information
ISBN 9789553007957
පිටු ගණන 156
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හෙවනැල්ල - සිරි ගුණසිංහ
Back to Top