Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිරි ගුනසිංහ / හෙවනැල්ල - සිරි ගුණසිංහ

හෙවනැල්ල - සිරි ගුණසිංහ

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
About this book

ජිනදාස කාමරයේ දොර හැරීයේය. අරිනවාත් සමගම දැවැන්ත අවතාරයක් මෙන් කවුද දොර ඉදිරියෙහි සිටින බව ඔහුගේ නිලංකාර වූ ඇස් දෙකට පෙනින. ජිනදාසගේ ඇඟ මුලුමනින්ම දාඩියෙන් තෙමී ගියේය. හිටි තැනින් හෙලවෙන්නට තරම් ශක්තියක් නැත. හිස හරවා බැලීමට තරම් ශක්තියක් නැත. අම්මා. වැරහැලි ඇඳගෙන පරුවතයක් වගේ මේ ඉන්නෙ අම්මා. තවත් ඒ කාමරයේ රැඳී සිටිය නොහැක. පිම්මෙන් දෙකෙන් ජිනදාස එලියට පැන්නේය. කාමරයේ සිටින ගැහැනිය මොකද මහත්තයා මොකද කියන හඬ ඇසුනි යයි ජිනදාසට හිතින.

ඒකි කන වෙලාද, ජේන්නෙ නැද්ද. අම්ම.

ඉදිරිපස නගරයේ වහලවල් උඩින් බටහිර අහසපුරා පැතිර ගිය රත්පැහැය ජිනදාසගේ හිතට බිය ගෙන දෙන්ට විය. කකුල් පැටලෙන්නාක් මෙන් ඔහුට දැනින. මහ මල මිනියක් දවන මහා දරසෑයකින් බුර බුරා නගින ගිනිදැල් මෙන් බටහිර අහස පෙනෙයි. ඒ දෙස බලා සිටිය නොහැක. ආපසු හැරී දුවන්නට ජිනදාසට හිතින. ජිනදාස ආපසු හැරුනේය.

Details
ISBN
9789553007957
පිටු ගණන (Pages)
156
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හෙවනැල්ල - සිරි ගුණසිංහ

Reviews are published once a member of our team has read them.