Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හිම බිමෙන් හිමි බිමට

හිම බිමෙන් හිමි බිමට

About this book

වෛද්‍ය නන්දන කොල්ලුරේ මහතාගේ, "හිම බිමෙන් හිමි බිමට ” නවකථාව, අද සමාජයට අතිශය වැදගත් පණිවුඩයක් ගෙන එන පරිකල්පිත විවේචනයක් සහිත, සාර්ථක වූත්, දාර්ශනික වූත් නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි ය. අන් කිසියම් ම වූ කෘතියක නොදක්නා ලැබෙන, පෘථුල ජීවන පරිචයක් හා මුහුකුරා ගිය භාව නිරූපණයන්ගෙන් යුත් පරිපාක ඥානයක් පාඨකයාට සම්ප්‍රේෂණය වන ඥාන මාර්ගයෙකි, මෙය. ළගන්නාසුලු පාරිසරික රමණීයත්ව වර්ණනා, කුතුහලාත්මක සංසිද්ධි හා ස්කොට්ලන්ත සංස්කෘතියෙහි ලාක්ෂණික ආදිය මතුපිටින් දක්නට ඇතත්, කෘත්‍යභ්‍යන්තරයෙහි ගැඹුරින් කිමිදෙන්නෙකුට හමුවන්නේ ප්‍රබල දාර්ශනිකත්වය යි. බටහිර ලෝකයේ ආගමික හා මානව නොසන්සුන්භාවය සහිත පසුබිමක හැදී වැඩුණු, මැක්ලීන් ස්ටුවට් නැමැති ස්කොට්ලන්ත ජාතික වෛද්‍යවරිය හා ඇගේ පෙම්වතා වන ඩේවිඩ් ස්වොන්සන් නැමැති සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයා, මුඛ්‍යපාත්‍රස්ථානයේ තබා විස්තීරිත මෙකී ප්‍රබන්ධය, බටහිර ලෝකයට බුදුදහම වටිනා පිළියමක් බව සනාත කරන්නේ ගැඹුරු සමාජ දාර්ශනික පණිවුඩයක් උපයෝගී කරගනිමිනි. නවකතාවක සාඵල්‍යතාව සාක්ෂාත් කිරීම, සුකර කර්තව්‍යයෙක් නොවන බව විද්වත්හු ම දන්නෝ වෙත්. එහෙයින්, කතුවරයාගේ ප්‍රබුද්ධත්වය, අතිශයෝක්තියෙකින් තොර ව මෙමගින් ගම්‍යමාන වේ. එමෙන් ම ශ්‍රී ලාංකික පාඨකයාට යළි තම උරුමය වන බෞද්ධ සභ්‍යත්වය පිළිබඳ ව අවධානය යොමු කරවීමට ද, බෞද්ධ දර්ශනය බටහිර ලෝකයට ප්‍රවේශ කරවීමට ද මූලාධාරිත රසාලිප්ත සන්දේශයෙක් ලෙස මෙම කෘතිය හඳුන්වාදිය හැකි ය. වෛද්‍ය නන්දන කොල්ලුරේ මහතාගේ සාසනික සේවයත් ලෝකාර්ථචර්යාවත් ආලෝකවත් වේවා! යි ආශංසනය කරම්හ.

රාජකීය පණ්ඩිත,පූජ්‍ය මලගම බුද්ධපරායණ හිමි,ජේතවනාරාම විහාරය.

Details
ISBN
9786246722067
පිටු ගණන (Pages)
223
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: හිම බිමෙන් හිමි බිමට

Reviews are published once a member of our team has read them.