හිනැහෙන්න වස්සානයේ

Special Price රු. 640.00 Regular Price රු. 800.00
Out of stock
SKU
hinehenna-wassanaye-dilrukshi-gamage-sithuwili-publication
පලිහවඩන නිවැසියන් සමග කෝපයෙන් නිවසින් පිටවූ සහස් දළදා වීදිය ඔත්සේ වාහනය පදවමින් උන්නේ අරමුණකින් තොරවය.නිවසේ තනිකරම වූයේ හමුදා පාලනයකි.යුධ හමුදාවේ මේජර් නිලයක් හොබවා විශ්‍රාම ගත් සීයා තාත්තා,පසුගිය කාලයේ ලුතිනන් ජෙනරාල් වරයෙකු ලෙස උසස්වීම් ලද තාත්තා,පවුලේ නම්බුව ඉදිරියට රැගෙන යනවායැයි නිරතුරු පැසසුම් ලබන කෙදිනක හෝ හමුදාපති තනතුරට පත්වනවායැයි පෙරුම් පුරන සොහොයුරා සේම ,මේ පලිහවඩන හමුදා පාලනය පිළිබඳව උදම් අනන සොයුරියත් එක් පසකට වද්දී සහසුත් මවත් වූයේ ඒ අණසකට නැටවෙන රූකඩ පරිද්දෙන්ය.දැන් දැන් මේ ජීවිතය පිළිබඳව ඔහු සිතේ ඉපිද ඇත්තේ කෝපයකට වඩා දුකකි.කලකිරීමකි.තවදුරටත් ඔවුනගේ ඇණුම් බැණුම් ඉවසා නොසිටිනවායැයි සහස් සිතුවේ අද පාන්දරය.හිතුවක්කාරීව ඔහු නිවසින් පිටවූයේ එකී සිතුවිල්ලත් සමඟය. සිග් සැග් ක්‍රමයට අඩි තබමින් ඉදිරිපසින් ඇවිද එන යුවතියව තරුණයාගේ නෙතු ගැටුනේ ඇයට ලංවීමට මීටර් කිහිපයක් තිබියදීය.... "මේ මොන මළ සමයමක්ද මේ........" තමාටම මුමුණා ගත් සහස් උත්සාහ කලේ වාහනය ඈ එන මගෙන් මඳක් ඉවතට ගන්නටය.එහෙත් සිදුවූයේ වෙනකකි.තත්පරයක පමාවෙන් ඈ හැරුනේ වාහනය දෙසටය.ඔහු එක පිට එක තිරිංග තදකලේ අන් කලයුත්තක් නොවන නිසාය.තෙත් බවින් යුතු පොළවේ අඩි කිහිපයක් ඉදිරියට ලිස්සා ගිය ඇල්ටෝ වර්ගයේ කාරය නතරවූයේ යුවතියට සෙන්ටි මීටර් කිහිපයක හිස්තැනක් තබමින්ය. "වැටුනා නේද මේකි.....මාර වැඩේනේ ඒක....වාහනේ ඇඟේ වැදුනෙවත් නැතුව මේකි තාරපාර බදා ගත්තේ මොන මඟුලකටද.....නඩුවක්ද දන්නෑ....." සිය නළල ඇඟිලි තුඩු වලින් මිරිකාගත් තරුණයා වාහනයෙන් බැස ගත්තේ තමාටම මුමුණාගෙනය.
Author දිල්රුක්ෂි ගමගේ - Dilrukshi Gamage (17)
Publisher සිතුවිලි ප්‍රකාශන - sithuwili publishers (25)
අගෝස්තු 05 වන දින නිකුත් වේ. නිකුත් වන දිනය පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැක..
More Information
ISBN 9786245673025
පිටු ගණන 400
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හිනැහෙන්න වස්සානයේ
Back to Top