ඔහු ලෝකය බේරා ගැනීමට සිතුවේ සටනින් ය. ඇය ලෝකය බේරා ගැනීමට සිතුවේ ආදරයෙන් ය. එහෙත් දෙදෙනාටම තමන්ගේ ආදරය අහිමි වී ඇති බව වටහා ගන්නට ගත වූ කාලය මහමෙරක් වැනිය.
“බලන්න ඒ ගස්වල එක කොළයක්වත් අනිත් ගහේ ගෑවෙන්නෙ නෑ. හැම තිස්සේම ඒ ගොල්ලො වටේ මායිමක් ඉතුරු කර ගන්නවා. තද සුළං හැමුවත් එහෙම්මයි. සීමාව තියෙනවා. කොච්චර ළං වුණත් අනික් එකාගෙ ජීවිතවලට එබෙන්න යන්නේ නැහැ. ස්වභාව ධර්මය හැදිලා තියෙන්නෙම එහෙම…”
ආදරයේ අහිමි වීම මිනිස් චිත්ත සන්තානයට ඇති කරන්නේ කවර බලපෑමක්ද යන්න ඉතිහාසය පුරා ලියැවී ඇතත්, අමායා සහ වින්ගේ කතාව ඒ සියල්ලේම අනාගත කතාවය. සියලු හැල හැප්පීම් මැද, ලෝකයේ බල පෙරළි මැද, ත්‍රස්තවාදී සටන් මැද පවා අවසානය තෙක් නොනැසී දිව යන හැඟීමක් ඇත්නම් ඒ ආදරයයි.
ලෝකය වෙනස් කළ හැක්කේ වෛරයෙන් නොව ආදරයෙන්ය. එවැනි ලොවක අමායා හා වින් හමුවනු ඇත්තේද? මේ විශ්ණු හා අමායාගේ කතාව නොව එය මේ ලෝකයේ ආදර කතාවය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.