හිස්

Special Price රු. 578.00 Regular Price රු. 680.00
In stock
SKU
his-achala-sirithunga-sooriya

ඔහු ලෝකය බේරා ගැනීමට සිතුවේ සටනින් ය. ඇය ලෝකය බේරා ගැනීමට සිතුවේ ආදරයෙන් ය. එහෙත් දෙදෙනාටම තමන්ගේ ආදරය අහිමි වී ඇති බව වටහා ගන්නට ගත වූ කාලය මහමෙරක් වැනිය.

“බලන්න ඒ ගස්වල එක කොළයක්වත් අනිත් ගහේ ගෑවෙන්නෙ නෑ. හැම තිස්සේම ඒ ගොල්ලො වටේ මායිමක් ඉතුරු කර ගන්නවා. තද සුළං හැමුවත් එහෙම්මයි. සීමාව තියෙනවා. කොච්චර ළං වුණත් අනික් එකාගෙ ජීවිතවලට එබෙන්න යන්නේ නැහැ. ස්වභාව ධර්මය හැදිලා තියෙන්නෙම එහෙම…”

ආදරයේ අහිමි වීම මිනිස් චිත්ත සන්තානයට ඇති කරන්නේ කවර බලපෑමක්ද යන්න ඉතිහාසය පුරා ලියැවී ඇතත්, අමායා සහ වින්ගේ කතාව ඒ සියල්ලේම අනාගත කතාවය. සියලු හැල හැප්පීම් මැද, ලෝකයේ බල පෙරළි මැද, ත්‍රස්තවාදී සටන් මැද පවා අවසානය තෙක් නොනැසී දිව යන හැඟීමක් ඇත්නම් ඒ ආදරයයි.

ලෝකය වෙනස් කළ හැක්කේ වෛරයෙන් නොව ආදරයෙන්ය. එවැනි ලොවක අමායා හා වින් හමුවනු ඇත්තේද? මේ විශ්ණු හා අමායාගේ කතාව නොව එය මේ ලෝකයේ ආදර කතාවය.

Author අචලා සුභාෂිණි සිරිතුංග - Achala subhashini sirithunga (2)
Publisher සූරිය ප්‍රකාශකයෝ Sooriya Publisher (442)
More Information
ISBN 9786245638239
පිටු ගණන 304
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හිස්
Back to Top