හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 1 - හිත හොඳ දොස්තරගේ කතන්දරය
හිත හොඳ දොස්තර’ අපේ දරු දැරියන්ට මෙන් ම වැඩිහිටියන්ට අමුත්තෙක් නොවේ. රූපවාහිනියේ කාටුන් චිත්‍රපටයක් මගින් බෙහෙවින් ජනාදරයට පත් වූ මේ අපූර්ව චරිතය මුල් කරගත් කතා මාලාවක් ම වේ.
හියු ලොටිං මේ ජනප්‍රිය චරිතය නිර්මාණය කළ පොත් පෙළේ නිර්මාණකරුවා ය. 1920 දී ඔහු දොස්තර ඩූ ලිට්ල් නම් වූ මේ හිත හොඳ දොස්තර ගේ අපූරු චරිතය ද, ඔහුගේ මිතුරන් වූ අවුරුදු දෙසියයක් වයසැති නුවණක්කාර ගිරවිය පොලිනීසියා ද, ඩැජ් ඩැප් නම් තාරාවියද, ගබ් ගබ් නම් ඌරු පැටියාද, චී චී නම් අප්‍රිකානු වඳුරාද, ජිජ් නම් බල්ලා ද ඇතුළු තවත් අපූරු චරිත ගණනාවක් නිර්මාණය කළේ ය.
ලොව පුරා අතිශයින් ම ජනප්‍රිය වූ මේ ඩූ ලිට්ල් කතා මාලාවේ පළමුවැන්න හිත හොඳ දොස්තරගේ කතන්දරයයි.
රාජ්‍ය සම්මාන දිනූ ළමා කතන්දර ගණනාවක් හා ශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියක කතුවරයා වූ සමරසිංහ ගුණසේකර පරිවර්තනය කළ මෙම කතා මාලාව ලාංකීය දරුවන්ටත්, යෞවන යෞවනියන්ටත්, වැඩිහිටි රසකාමීන්ටත් අපූරු වින්දනයක් ලබාදෙනු නිසැකය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.