Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 2 - හිත හොඳ දොස්තරගේ මුහුදු සවාරිය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 2 - හිත හොඳ දොස්තරගේ මුහුදු සවාරිය

ප්‍රකාශක (Publisher): සුනෙර ප්‍රකාශන - Sunera Prakashana
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

චමත්කාර වූත්, භයංකාර වූත් අත්දැකීම්වලින් අනූන වූ මුල්ම මුහුදු සවාරිය නිමකර ආපසු පයිවල ලස්සන ගෙවත්ත මැද පිහිටි කුඩා නිවාසයට ආ හිත හොඳ දොස්තර ඩූ ලිට්ල් සහ ඔහුගේ මිතුරන් අතරට තවත් අමුත්තෙක් එක් විය. මේ අමුත්තා පොලිනීසියා නම් නුවණක්කාර ගිරවිය, ඩැබ් ඩැබ් තාරාවිය, චී චී වඳුරා, ගබ් ගබ් ඌරු පැටියා හෝ ජිප් නම් බල්ලා වැනි සතෙක් සිව්පාවෙක් නොවේ. කුඩා ළමයෙකි. ටොම් ස්ටබින්ස් නම් මෙම ළමයා අණ්ඩ කැඩුණු ලේනෙකුට වෙදකම් ගැනීමට දොස්තර මහත්තයා හමුවිය. පසුව ඔහු දොස්තර මහත්තයාගේ හොඳම මිත්‍රයෙක් විය. ඔහුගේ සහායකයා විය. හිත හොඳ දොස්තර හා ඔහුගේ අපූරු පවුලේ සාමාජිකයෙක් විය.

හිත හොඳ දොස්තරගේ ඊළඟ මුහුදු සවාරියට ටොම් ස්ටබිස්ද එක් විය. මුල් සවාරියට සමාන වූ චමත්කාර, භයංකාර, විස්මයාකාර අත්දැකීම්වලින් සපිරි මෙම මුහුදු සවාරිය මුල් කොට හියු ලොෆ්ටිං නිර්මාණය කළ The Voyages of Doctor Dolittle සමරසිංහ ගුණසේකර විසින් සිංහලට පරිවර්තනය කොට හිත හොඳ දොස්තරගේ මුහුදු සවාරිය නම් එම කතා පොත් පෙළෙහි දෙවන ප්‍රකාශනය ලෙස ප්‍රකාශයට පත්වූ වගයි.

රාජ්‍ය සම්මාන දිනූ ළමා කතන්දර ගණනාවක් හා ශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියක කතුවරයා වූ සමරසිංහ ගුණසේකර පරිවර්තනය කළ මෙම කතා මාලාව ලාංකීය දරුවන්ටත්, යෞවන යෞවනියන්ටත්, වැඩිහිටි රසකාමීන්ටත් අපූරු වින්දනයක් ලබාදෙනු නිසැක ය.

ISBN
9789550079605
පිටු ගණන (Pages)
198
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 2 - හිත හොඳ දොස්තරගේ මුහුදු සවාරිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.