හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 4 - හිත හොඳ දොස්තරගේ පුදුම හිතෙන සර්කස් එක
දොස්තර ඩූ ලිට්ල් හරිම පුදුමාකාර මනුස්සයෙකි. වෙදකම පිළිබඳ ඉහළම උපාධිය ලබාගෙන දොස්තර මහත්තයකු වූ ඔහු මුල් කාලයේ දී මනුස්සයන්ට වෙද හෙදකම් කරමින් ලක්‍ෂ ගණන් සල්ලි හම්බ කළේ ය. දක්‍ෂ දොස්තර කෙනෙකු නිසා රට පුරා පැතිරුණු කිර්තිය ද රැස්කර ගත්තේ ය. පසු කාලයක ඔහු මේ සියලු දේ අත්හැර දමා සතුන්ට පමණක් වෙදකම් කිරීමට පටන් ගත්තේ ය.
හිත හොඳ දොස්තර මහත්තයාට අප්‍රිකාවේ වඳුරන් වසංගත රෝගයකින් පීඩා විඳිමින් සිටින බව ආරංචි වූයේ ය. වඳුරන් රැකගැනීමට බෝට්ටුවක නැගී අප්‍රිකාවට ගිය දොස්තර මහත්තයා නොයෙකුත් භයංකාර, ත්‍රාසජනක හා චමත්කාර අත්දැකීම්වලට මුහුණ දෙමින් වඳුරන් ද සුවපත්කොට පයිවල ලස්සන ගෙවත්ත මැද පිහිටි කුඩා නිවසට ආපසු ආවේ ය. ඒත් වැඩි කලක් ගත නොවී ඔහු තවත් අපූරු කටයුත්තකට අත ගැසුවේ ය. ඔබ දැන් කියවන්නට යන්නේ අප්‍රිකාවේ සවාරියට නොදෙවෙනි ත්‍රාසජනක මෙන් ම රසවත් අත්දැකීම්වලින් පිරුණු එම කතාන්දරයයි.
රාජ්‍ය සම්මාන දිනූ ළමා කතන්දර ගණනාවක හා ශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියක කතුවරයා වූ සමරසිංහ ගුණසේකර පරිවර්තනය කළ මේ කතා පොත හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ සිව්වැන්නයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.