Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 6 - හිත හොඳ දොස්තරගේ පියාඹන තැපැල් කන්තෝරුව

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 6 - හිත හොඳ දොස්තරගේ පියාඹන තැපැල් කන්තෝරුව

About this book

හිත හොඳ දොස්තර මහත්තයා අපේ දරු දැරියන්ට මෙන් ම වැඩිහිටියන්ටත් අමුත්තෙක් නොවේ. රූපවාහිනී කාටුන් චිත්‍රපටයක් නිසා අප අතර බෙහෙවින් ජනප්‍රිය වූ මේ අපූරු චරිතය මුල් කර ලෝකයේ නොයෙක් රටවල නොයෙක් භාෂාවලින් නිර්මාණය කළ කාටුන් හා වෙනත් චිත්‍රපට හා පරිවර්තන කතා රාශියකි.

මේ විදිහට ලාංකික අප අතර මෙන් ම මුළු මහත් ලෝකයේ ම ජනාදරයට පත් වූ මේ අරුම පුදුම චරිතය නිර්මාණය කළේ 1920 ගණන්වල එංගලන්තයේ විසූ හියු ලොස්ටිං නම් නිර්මාණකරුවා ය. හියු ලොෆ්ටිංගේ මුල් නිර්මාණ ඇසුරෙන් හිත හොඳ දොස්තරගේ කතා නමින් සමරසිංහ ගුණසේකර සිංහලට පරිවර්තනය කළ කතා පොත් පෙළ ද අතිශයින්ම ජනප්‍රිය ය.

ඔබ මේ කියවන්නට යන්නේ එම කතා පොත් පෙළේ අංක 6- හිත හොඳ දොස්තරගේ පියාඹන තැපැල් කන්තෝරුවයි.

රාජ්‍ය සම්මාන දිනූ ළමා කතන්දර ගණනාවක හා ශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියක කතුවරයා වූ සමරසිංහ ගුණසේකර හියු ලොටිංගේ Doctor Dolittle's Post Office නම් ග්‍රන්ථය ඇසුරෙන් පරිවර්තනය කළ මෙම කතා පොත ද ලාංකික දරුවන්, යෞවන යෞවනියන්, වැඩිහිටි රසකාමීන්ට අපූරු වින්දනයක් ලබාදෙන කෘතියක් වනු නිසැකය.

ISBN
9789550079643
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 6 - හිත හොඳ දොස්තරගේ පියාඹන තැපැල් කන්තෝරුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.