Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 12 - හිත හොඳ දොස්තරගේ හිරගෙදර ජරමරය

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 12 - හිත හොඳ දොස්තරගේ හිරගෙදර ජරමරය

ප්‍රකාශක (Publisher): සුනෙර ප්‍රකාශන - Sunera Prakashana
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

වදෙන් පොරෙන්, කොහොමින් කොහොම හරි හඳේ සිට ආපසු පොළවට ආ අපේ හිත හොඳ දොස්තර මහත්තයාට හඳේ සවාරිය ගැන පොතක් ලියන්නට ඕනෑ වුණේය. නමුත් නිතර නිතර ලෙඩ වුණ සතුන් බෙහෙත් ගන්නට එන නිසා පොත ලියන වැඩේ ගෙදර සිට කරන්නට නම් කොහොමටවත් බැරි විත්තිය සහසුද්දෙන් දොස්තර මහත්තයාට තේරුම් ගියේ ය.

අන්තිමේදී හිරගෙවල්වල තැප ඒ ගැන ලොකු පළපුරුද්දක් තිබෙන මැතිව් මග් නම් බළල් මස්කාරයාගේ ගුරුහරුකම් අනුව අපේ හිත හොඳ දොස්තර මහත්තයා පොත් ලියන්නට ලොකු බංගලාවක වීදුරු ජනේලයක් බිඳ තමන්ගේ ඕනෑකමින් වරදකරුවකු වී හිරේ තපින්නට ගියේය.

හියු ලොෆ්ටිංගේ Doctor Dolittle's Return නම් කතා පොතේ දෙවන කොටසෙහි ඇතුළත් දොස්තර මහත්තයා හිරේ ගිය කතාව සමරසිංහ ගුණසේකර විසින් හිත හොඳ දොස්තරගේ හිරගෙදර ජරමරය නමින් සිංහලයට පරිවර්තනය කොට හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ අංක 12 කතා පොත ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

ISBN
9789550079704
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 12 - හිත හොඳ දොස්තරගේ හිරගෙදර ජරමරය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.