හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 12 - හිත හොඳ දොස්තරගේ හිරගෙදර ජරමරය

Special Price රු. 540.00 Regular Price රු. 600.00
Out of stock
SKU
hitha-honda-dosthara-12-hugh-lofting-samarasinghe-sunera

වදෙන් පොරෙන්, කොහොමින් කොහොම හරි හඳේ සිට ආපසු පොළවට ආ අපේ හිත හොඳ දොස්තර මහත්තයාට හඳේ සවාරිය ගැන පොතක් ලියන්නට ඕනෑ වුණේය. නමුත් නිතර නිතර ලෙඩ වුණ සතුන් බෙහෙත් ගන්නට එන නිසා පොත ලියන වැඩේ ගෙදර සිට කරන්නට නම් කොහොමටවත් බැරි විත්තිය සහසුද්දෙන් දොස්තර මහත්තයාට තේරුම් ගියේ ය.

අන්තිමේදී හිරගෙවල්වල තැප ඒ ගැන ලොකු පළපුරුද්දක් තිබෙන මැතිව් මග් නම් බළල් මස්කාරයාගේ ගුරුහරුකම් අනුව අපේ හිත හොඳ දොස්තර මහත්තයා පොත් ලියන්නට ලොකු බංගලාවක වීදුරු ජනේලයක් බිඳ තමන්ගේ ඕනෑකමින් වරදකරුවකු වී හිරේ තපින්නට ගියේය.

හියු ලොෆ්ටිංගේ Doctor Dolittle's Return නම් කතා පොතේ දෙවන කොටසෙහි ඇතුළත් දොස්තර මහත්තයා හිරේ ගිය කතාව සමරසිංහ ගුණසේකර විසින් හිත හොඳ දොස්තරගේ හිරගෙදර ජරමරය නමින් සිංහලයට පරිවර්තනය කොට හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ අංක 12 කතා පොත ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

Author සමරසිංහ ගුණසේකර - Samarasinghe Gunasekara (112), Hugh Lofting (19)
Publisher සුනෙර ප්‍රකාශන - Sunera Prakashana (132)
More Information
ISBN 9789550079704
පිටු ගණන 144
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 12 - හිත හොඳ දොස්තරගේ හිරගෙදර ජරමරය
Back to Top