හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 11 - හිත හොඳ දොස්තරගේ ආපසු ගමන
පොලිනීසියා නම් ගිරවියත්, චී චී නම් වඳුරාත්, ටොම් ස්ටබින්ස් නම් දහ හැවිරිදි ළමයාත් සමග යෝධ පතංගයකුගේ පිටේ නැගී අපේ හිත හොඳ දොස්තර මහත්තයා හඳට ගියේ හඳේ සිටි ලෙඩකුට වෙදකම් කරන්නටය.
කවදත් වගේ අනුන්ගේ දුකේදී පිහිටවන අපේ හිත හොඳ දොස්තර මහත්තයාට මේ සැරේ වඳින්න ගිය දේවාලය හිසේ කඩා වැටුණා වගේ ලොකු ඇබැද්දියකට මුහුණ පාන්නට සිදුවුණේය. වෙදකම් කරන්නට ගිය ලෙඩා අපේ දොස්තර මහත්තයා හඳේම හිර කරගෙන තියාගන්නට වෑයම් කළේ ය.
ඒ කොහොම වුණත් අන්තිමේ දී අපේ හිත හොඳ දොස්තර මහත්තයා බොහෝම අමාරුවෙන් ආපසු පොළවට ගොඩබැස්සේ ය.
හියු ලොෆ්ටිං නිර්මාණය කළ Doctor Dolittle's Return නම් වූ එම කතන්දරය සමරසිංහ ගුණසේකර විසින් හිත හොඳ දොස්තරගේ ආපසු ගමන නමින් සිංහලයට පරිවර්තනය කොට හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ අංක 11 කතා පොත ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.