Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 5 -හිත හොඳ දොස්තරගේ අරුම පුදුම රඟමඬල

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 5 -හිත හොඳ දොස්තරගේ අරුම පුදුම රඟමඬල

About this book

අපේ හිත හොඳ දොස්තර මහත්තයාට, උන්නැහේගේ හිත හොඳ නිසා ම හිරේ තපින්නට සිදු වූ කතාන්දරය මේ වන විටත් ඔබ කියවා ඇතැයි සිතමි. හිරේ තපින්නට සිදුවූයේ බොරුවක්, වංචාවක්, හොරකමක් හෝ අපරාධයක් කළ නිසා නොව, අනුන්ට උදව් කරන්නට ගොස් නිරපරාදයේ ය. චීත් මේ දුක් ගැහැට, නින්දා අපහාස කිසි ම දෙයක් දොස්තර මහත්තයා තඹ දොයිතුවකටවත් ගණන් ගත්තේ නැත. මේ අපූරු මනුස්සයාගේ විදිහ එහෙමයි.

දොස්තර ඩූ ලිට්ල් හිරෙන් නිදහස් වී ආපසු සර්කස් එකට ආවේ ය. ඒ ආවේ බ්ලොසම් වගේ සල්ලි හම්බ කරන්නට නොවේ. අනුන්ගේ යහපත වෙනුවෙන් තවත් බොහෝ දේවල් කරන්නට ඉතුරු වී තිබුණු නිසා ය.

ඔබ දැන් කියවන්නට යන්නේ දොස්තර ඩූ ලිට්ල් ආපසු සර්කස් එකට ආවාට පසු සිදු වූ ජරමර පිළිබඳ කතාන්දරයයි. නයි නටවන වංචාකාර ෆාතිමා, හොර බෙහෙත් විකුණන බ්‍රවුන් නම් බොරු වෙදා ආදී සෙප්පඩ විජ්ජාකාරයන් පන්නා දමා, බ්ලොසම්ගේ සර්කස් එක, අපේ හිත හොඳ දොස්තර මහත්තයාගේ හිතේ තිබුණු හැටියට ම පුදුම හිතෙන සර්කස් එක තවත් පුදුම විදිහට වෙනස් කළ හැටිත් සතුන් සිවුපාවුන් පමණක් රඟපාන හරිම අපූරු රඟ මඬල ගැනත් මේ පොතේ විස්තර වේ. රාජ්‍ය සම්මාන දිනූ ළමා කතාන්දර ගණනාවක හා ශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියක කතුවරයා වූ සමරසිංහ ගුණසේකර පරිවර්තනය කළ මේ කතා පොත හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ පස්වැන්නයි.

Details
ISBN
9789550079636
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 5 -හිත හොඳ දොස්තරගේ අරුම පුදුම රඟමඬල

Reviews are published once a member of our team has read them.