Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 9 - හිත හොඳ දොස්තරගේ අවතාරයේ අබිරහස

හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 9 - හිත හොඳ දොස්තරගේ අවතාරයේ අබිරහස

ප්‍රකාශක (Publisher): සුනෙර ප්‍රකාශන - Sunera Prakashana
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ අටවන කතා පොත වූ හිත හොඳ දොස්තරගේ මන පිනවන දුවන ගෙදර කියවා ඇත්නම්, අපේ හිත හොඳ දොස්තර මහත්තයා හා ඔහුගේ පවුලේ ඇත්තන්ගේ සූර වීර වික්‍රම, හපන්කම් හා මෝඩකම් ගැන ඔබ මේ වන විටත් බොහෝ දේවල් දන්නවා ඇත. පිප්පිනෙල්ලා නම්  ලෝක ප්‍රසිද්ධ ගායිකාව ද එක්කාසු කරගෙන, මන පිනවන දුවන ගෙදරක පදිංචි වී තැනින් තැන යමින් පුදුමාකාර ගීත නාටකයක් පෙන්වන්නට ලක ලැහැස්ති වුණ කාලය ගැන ද ඔබ බොහෝ දේවල් දන්නවා ඇත. දැන් ඔබ කියවන්නට යන්නේ, ලෝක ප්‍රසිද්ධ ගීත නාටකය පෙන්වූ හැටිත්, අතේ දොයිතුවක් නැතුව බංකොලොත් වී සිටි දොස්තර මහත්තයා හා ඔහුගේ පවුලේ ඇත්තන් ගජ පොහොසතුන් වූ කාලයේ සිදුවුණු පුදුමාකාර දේවල් ගැන ය. මේ කතා පොතට අවතාරයේ අබිරහස නම් නම තබන්නට හේතු වුණු ජොබර්ජි අවතාරයේ අබිරහස ද මේ කතා පොතේ විස්තර ඇතුව විස්තර වේ.

රාජ්‍ය සම්මාන දිනූ ළමා කතන්දර ගණනාවක හා ශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියක කතුවරයා වූ සමරසිංහ ගුණසේකර විසින් පරිවර්තනය කරන ලද මේ කතා පොත හිත හොඳ දොස්තරගේ කතා මාලාවේ නවවැනි කතා පොතයි.

ISBN
9789550079674
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිත හොඳ දොස්තරගේ කතා මාලා අංක 9 - හිත හොඳ දොස්තරගේ අවතාරයේ අබිරහස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.