හිතක මතක
සුප්‍රකටයන් තුළ සැඟව සිටින අප්‍රකටයන් දැකීම කණ කැස්බෑ දැක්මක් වැන්න. 'හිතක මතක' පොතේදී ඔබට හමුවන්නේ ඔබ දැන හැඳින සිටි සුප්‍රකටයන් පිරිසක් තුළ විසූ ඔබ මින් පෙර කිසි දිනක නොදැන නොහැඳින සිටි අපූරු අප්‍රකටයන් පිරිසකි.
ඇන්ටන් චෙකොෆ්ගේ Three Sisters නාට්‍යය ‛සොහොයුරියන් තිදෙනා’ නමින් සිංහලයට පරිවර්තනය කිරීමෙන් කරුණාරත්න අමරසිංහ විසින් කර ඇත්තේ ඉතා වැදගත් සේවයක් යැයි මම සිතමි. ඒ සේවය නම් අපේ නාට්‍යකරුවන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ටද උසස් දෙබස් නාටකය කුමක්ද යන්න හඳුන්වා දීමයි.
- ගුණදාස අමරසේකර
Karunaratne Amarasinghe took part in my play 'Hasti kanta Mantare' and I found him to be an exceptional stage personality with a good flair for interpreting character.
Subsequently he has taken part in a number of plays where he made an impression on sinhalese play going audiences and I feel he is an actor of very good ability.
- Ediriveera Sarathchandra
'බව තරණය’ ගැන දීර්ඝ විවේචනයක් ලියූ කරුණාරත්න අමරසිංහ සිදුහත් චරිතයට බෙහෙවින් පසසා බුදු වූ පසු පොදු ජනයා උදෙසා උන් වහන්සේ කළ උතුම් සේවය විස්තර කෙරෙන්නේ ඉතාම කෙටියෙනියි දොස් නගමින් මෙසේ ලියුවේය.
''මහා පරිනිබ්බාන සූත්‍රයෙහි විස්තර වන බුදුන්ගේ චරිතය වූකලී යථාර්ථ වාදී චිත්‍රණයකි. එසේම එය පාඨකයාගේ හද කම්පා කරවන ආකාරයෙන් චිත්‍රිත වූවක්ද වෙයි. මෙරට සමහර පැවිදි වග හා ගිහි වග පරිනිබ්බාන සූත්‍රයට අඳ ඇස් ඇත්තෝය.”
- මාර්ටින් වික්‍රමසිංහ (පරිණාම වාදය හා බෞද්ධ විඥාන වාදය)
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.