Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / ඊසා අසබඩ

ඊසා අසබඩ

About this book

බක්මහ කඳුළු' කෘතිය තුළින් සිය ජීවන අන්දරයේ පළමු අදියර කැරලිකාර දේශපාලන ප්‍රවේශය ද විජේවීර මුදාගැනීමේ අටියෙන් සිදු කළ යාපනය ප්‍රහාරයේ සිය භූමිකාව ද හැමන්හීල් ප්‍රමුඛ සිරකඳවුරුගත ක්‍රියාකාරකම් හා දේශපාලන මත ගැටුම් ද, පල්ලෙකැලේ සිර කඳවුරෙන් පැන යාම ද දක්වා වූ අදියර - කතුවරයා පළමුව ලේඛනගත කළේය.

පසු කලෙක එච්. බී. ගුණරත්න විසින් සංස්කරණය කරන ලද 71 කැරැල්ල - යාපනය නම් වූ විස්තීර්ණ කෘතියෙහි පාදක ලේඛනය සේ එම බක්මහ කඳුළු ග්‍රන්ථය මුළුමනින් ම ඇතුළත් කර ඇත.

සිර කඳවුරින් පලා ගොස් පෙරදිග සුළඟ විප්ලවීය කණ්ඩායම හා එක් ව ගත කළ අරගල සමය, යළි රහස් පොලිස් අත්අඩංගුවට පත්ව විඳි වද බන්ධන, සිර දඬුවම් විඳි අවදිය හා රාජ්‍ය මර්දනයෙන් ද රහසිගත කැරලිකරුවන්ගේ භීෂණයෙන් ද මිදී සිය සගයන්ගේ සාමුහික තීරණයක හා සැලසුමක අවසන රටින් පලා යාම තෙක් දෙවන අදියර දුම්බර කඳු මත පෙරදිග සුළඟ කෘතියෙහි අන්තර්ගත ය.

මේ තුන්වන අදියරෙහි සටහන්ව ඇත්තේ කතුවරයාගේ එදා මෙදාතුර විප්‍රවාසී දිවි පෙවෙතයි.

නවකතාමය කියවීමකට හුරු පාඨකයාට ද, අපූර්ව දුර්ලභ කියවීම් හඹා යන පාඨකයාට ද, සමාජ දේශපාලන ගවේෂණයෙහි යෙදෙන ශාස්ත්‍රාභිලාෂී පාඨකයාට ද එක සේ වැදගත් ඓතිහාසික පදාසයක් සිය අත්දැකීම් සමුදාය ඔස්සේ සටහන් කර තැබීම මේ තුන් ඈඳුතු කෘති පළ කිරීමේ කතුවර අභිලාෂයයි.

Details
ISBN
9786246675059
පිටු ගණන (Pages)
237
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ඊසා අසබඩ

Reviews are published once a member of our team has read them.